ගෞතම බුදුන් උපන් භුමිය සම්බන්ධයෙන් ඉන්දියාව සහ නේපාලය අතර මත ගැටුමක් ..

බුදුන් උපන් භුමිය නේපාලය- lumbini nepal

බුදුන් උපන් භුමිය නේපාලය- lumbini nepal

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර්
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර්

ගෞතම බුදුන් වහන්සේ සහ මහත්මා ගාන්ධි “ශ්‍රේෂ්ඨ ඉන්දියානුවන් දෙදෙනෙකු” බව පසුගිය දා පැවති සම්මන්ත්‍රණයකදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් පැවසීය.මෙහිදී බුදුන් වහන්සේ ද ඉන්දියානුවෙකු ලෙස හඳුන්වමින් කළ ප්‍රකාශයට නේපාලයේ දැඩි විවේචන එල්ල වී තිබේ.

නේපාලයේ විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේ, ගෞතම බුදුන් වහන්සේගේ උපන් භුමිය නේපාලය යන්න විවාදයකින් තොරව තහවුරු වී ඇති බවය.කෙසේ වෙතත්, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා බුදුන් වහන්සේ ඉන්දියානුවෙකු ලෙස හැඳින්වූයේ, බෞද්ධ උරුමයන් දෙරට අතර බෙදී ගොස් ඇති හෙයින් බවත් බුදුන් වහන්සේ නේපාලයේ උපන් බවට විවාදයක් නොමැති බවත්ය.

“විදේශ ඇමතිවරයා එතනදි කතා කළේ දෙරටට පොදු බෞද්ධ උරුමයන් ගැන,” ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.මේ අතර, නේපාලයේ අග්‍රාමාත්‍ය ෂර්මා ඕලි මීට මාසයකට පමණ ඉහතදී පැවසුවේ, රාමායණයේ සඳහන් අයෝධ්‍යා ප්‍රදේශය තවමත් නේපාලයට අයත් වන අතර රාම් යනු ඉන්දියාවේ නොව නේපාලයේ කුමාරයෙකු බවය.මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ද දෙරට අතර යම් මතභේදකාරී තත්ත්වයක් නිර්මාණය වූ අතර බොහෝ දෙනෙකු විශ්වාස කරනුයේ, ඉන්දීය විදේශ අමාත්‍යවරයා කළ ප්‍රකාශය දෙරට අතර පවතින ද්විපාර්ශවීය සබඳතාවන්ට එතරම් යහපත් නොවනු ඇති බවය.

2004 වසරේදී නේපාලයේ සංචාරයක නිරත වූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පැවසුවේ, ගෞතම බුදුන් වහන්සේ නේපාලයේ උපත ලැබූ බවය.

-mawbima-

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *