ත්‍රිකුණාමලයේ බුදු පිළිම කඩා දැමීම, තිදෙනෙක් අත්අඩංගුවට…

ත්‍රිකුණාමලයේ බුදු පිළිම කඩා දැමීම, තිදෙනෙක් අත්අඩංගුවට...
ත්‍රිකුණාමලය සේරුනුවර ප්‍රදේශයේ බුදු පිළිම කඩා දැමීම සම්බන්ධ චෝදනාව මත පෙරේදා දින රාත්‍රියේ (09) සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව සේරුනුවර පොලීසිය පවසා තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූවන් ත්‍රිකුණාමලය, සේරුනුවර, දෙහිවත්ත ප්‍රදේශයෙහි පදිංචි වීරකෝන් මුදියන්සේලාගේ රංජිත් අබේරත්න (වයස 45), ධනපාල මුදියන්සේලාගේ අරේෂ් ජයසිංහ (වයස 30) වරාට්ටකාල්ල නැගෙනහිර, හසලක සහ සමීර සම්පත් බණ්ඩාර සහල සූරිය (වයස 26) වේවැල ගෙදර අම්පාලේ, මැද නුවර යන ප්‍රදේශවල පදිංචිකරුවන් ලෙස සේරුනුවර පොලීසිය දන්වා ඇත.
සිද්ධිය සම්බන්ධව අනාවරණය වූයේ, බීමත්ව ඔවුන් තිදෙනා ඊයේ රාත්‍රියේ සේරුනුවර හන්දිය අසල ඇති බුදු පිළිම කඩා බිඳ දැමීම සම්බන්ධ චෝදනාව මත මොවුන්ව අත්අඩංගුවට ගත් බවත්, අත්අඩංගුවට ගත් සැකකරුවන් අද මූතූර් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවත් සේරුනුවර පොලීසිය තව දුරටත් ප්‍රකාශ කරන ලදී.
-maxtamilmedia