රනිල් එජාප නායකත්වයෙන් ඉවත්වෙයි…

රනිල් වික්‍රමසිංහ තවත් පෙත්සමක වග උත්තරකරුවකු ලෙස නම් කරයි
එක්සත් ජාතික පක්ෂයේ වත්මන් නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායක ධුරයෙන් ඉවත්වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
පක්ෂයේ නව නායකත්වය සඳහා මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්, උප සභාපති රවී කරුණානායක, ජාතික සංවිධායක දයා ගමගේ සහ වජිර අබේවර්ධන යන අයෙගේ නම් යෝජනා වී ඇති බවයි පක්ෂ මහලේකම්වරයා සඳහන් කර සිටියේ
කෙසේ වෙතත් පැවති මහ මැතිවරණ වේදිකාවේදී තමන් එජාප නායකත්වය අපේක්ෂා කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා නිතර ප්‍රකාශ කළද ඔහුගේ නම නව නායකයෙකු තෝරාගැනීම සඳහා යෝජනා වී නැත.
රනිල් වික්‍රමසිංහ මහතාගේ නව තීරණය සම්බන්ධයෙන් සනාත කරමින් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදු කරමින් සඳහන් කර සිටියේ අද (10) පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මේ බව තීරණය වූ බවයි.