මහින්ද රාජපක්ෂ මහතා අභිනව අගමැති ලෙස දිවුරුම් දෙයි

මහින්ද රාජපක්ෂ මහතා අභිනව අගමැති ලෙස දිවුරුම් දෙයි

මහින්ද රාජපක්ෂ මහතා අභිනව අගමැති ලෙස දිවුරුම් දෙයි

මහ මැතිවරණයෙන් වාර්තා ගත මනාප ඡන්ද සංඛ්‍යාවක් හිමිකර ගත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ ජනතාව විසින් තෝරා පත් කර ගත් අභිනව නව රජයේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් අද (9) කැළණිය රජමහා විහාරස්ථානයේ දී මහත් අභිමානයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දී දිවුරුම් දුන්නේ ය.

මහින්ද රාජපක්ෂ මහතා අභිනව අගමැති ලෙස දිවුරුම් දෙයිමහින්ද රාජපක්ෂ මහතා අභිනව අගමැති ලෙස දිවුරුම් දෙයි

නවවැනි පාර්ලිමේන්තුවට මන්ත්‍රිවරුන් තෝරා පත්කර ගැනීමට මෙමස 5 වැනි දා පැවැති ඡන්ද විමසීමෙන් අතිවිශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගැනීමට සමත් වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ආණ්ඩු බලය හිමිකර ගැනුමට සමත් විය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍ණේ නායකයා වශයෙන් කටයුතු කරන මහින්ද රාජපක්ෂ මහතා 1970 වර්ෂයේ දී පළමු වරට පාර්ලිමේන්තුවට පිවිසි අතර ඔහු අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දෙන්නේ සිවුවැනි වතාවටය.

වසර 50ක දේශපාලන ඉතිහාසයකට උරුමකම් කියන මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු, කැබිනට් ඇමැතිවරයකු ලෙස, විපක්ෂ නායකවරයකු කටයුතු කළ අතර මීට පෙර තෙවරක් අගමැතිවරයකු ලෙසත් දෙවරක් ජනාධිපතිවරයකු ලෙසත් කටයුතු කර තිබේ.

මහින්ද රාජපක්ෂ මහතා පළමු වරට අග්‍රාමාත්‍ය ධුරයට පත්වන්නේ 2004 වසරේ අප්‍රේල් මස 06 වැනිදාය. අනතුරුව 2018 වසරේ ඔක්තෝබර් 26 වැනි දාත්, 2019 නොවැම්බර් මස 21 වැනි දාත් රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දී තිබේ. ජනාධිපති ධුරයේ දෙවරක් සහ අග්‍රාමාත්‍ය ධුරයේ සිවුවරක් කටයුතු කළ පළමුවැන්නා බවට මහින්ද රාජපක්ෂ මහතා මේ සමඟින් පත්වෙයි.

දිවුරුම් දීමේ අවස්ථාවට තෛනිකායික මහානායක ස්වාමින්වහන්සේලා ප්‍රධාන අතිපූජ්‍ය මහා සංඝරත්නය, අනෙකුත් ආගමික නායකයින්, මෙවර පාර්ලිමේන්තුවට තේරීපත් වූ මන්ත්‍රීවරු ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියහ.

මහින්ද රාජපක්ෂ මහතා අභිනව අගමැති ලෙස දිවුරුම් දෙයිමහින්ද රාජපක්ෂ මහතා අභිනව අගමැති ලෙස දිවුරුම් දෙයි

 

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *