මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ නාකොටික් ලොක්කන්ගේ වත්කම් රාජසන්තක කරයි…

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ නාකොටික් ලොක්කන්ගේ වත්කම් රාජසන්තක කිරීමට තීරණය කරයි...

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ නාකොටික් ලොක්කන්ගේ වත්කම් රාජසන්තක කිරීමට තීරණය කරයි...

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ නාකොටික් (narcotic) අංශයේ උසස් නිළධාරීවරුන් විසින් නීතිවිරෝධි ලෙස එකතු කළ මුදල්වලින් ලබා ගත් වත්කම් රාජසන්තක කිරීමට තීරණය කළ බව පොලීසිය පැවසීය.

අදාළ නිළධාරීන් හට, මුදල් විශුද්ධිකරණ පනත යටතේ මෙම පියවර ගැනීමට කටයුතු කර ඇත.මෙයට අවශ්‍ය තොරතුරු එක් රැස් කරමින් සිටින බවද පොලීසිය පැවසීය.

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධව රිමාන්ඩ් කර ඇති නාකොටික් අංශයේ නිළධාරීවරුන් 13 දෙනෙකු අගෝස්තු 04 වන දින නැවත අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී.

එයින් නිළධාරීන් 08 දෙනෙකු තව දුරටත් ත්‍රස්ත මර්දන පනත යටතේ විමර්ශනය කිරීමට කටයුතු කරන බව පොලීසිය ප්‍රකාශ කර ඇත.

නාකොටික් අංශයේ ගබඩාවලින් ලබා ගත් මත්ද්‍රව්‍ය සම්බන්ධ පරීක්ෂණ වාර්තාව මහ මැතිවරණයෙන් පසු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ද රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව දන්වා සිටී.

රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිළධාරිවරයෙකු පැවසුවේ, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහා භාවිතා කළ වාහන 08ක් සම්බන්ධයෙන් ද වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවයි.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු ඉතා රහසිගතව සිදු කරන බව ඔහු තව දුරටත් ප්‍රකාශ කළේ ය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *