මානවහිමිකම් කොමිසමේ සභාපතිනිය, මහාචාර්ය දීපිකා උඩුගම ඉල්ලා අස්වෙයි..
                දීපිකා උඩුගම
ශ්‍රී ලංකා මානවහිමිකම් කොමිසමේ සභාපතිනිය, මහාචාර්ය දීපිකා උඩුගම මහත්මිය එම ධූරයෙන් ඉල්ලා අස් වී ඇති බව වාර්තා වේ.
සැප්තැම්බර් පළමු වැනිදා සිට තමා එම තනතුරෙන් ඉවත්වන බව ඇය ව්‍යවස්ථාදායක සභාවට දැනුම් දී තිබු බව වාර්තා වේ.
මෙම මස 3 වන දින රැස් වූ ව්‍යවස්ථා සභාව, මෙම ඉල්ලා අස්වීම පිළිබදව දැනුම් දී තිබේ.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නීතිපීඨයේ අංශාධිපතිනිය වූ දීපිකා උඩුගම මහත්මිය, ශ්‍රී ලංකා මානවහිමිකම් කොමිසමේ සභාපතිනිය ලෙස පත් කරන ලද්දේ 2015 වසරේ දී ය.

                                            



