වාලච්චේන කඩදාසි කම්හලේ පළමු කඩදාසි තොගය වෙළඳපොළට නිකුත් කෙරේ

වාලච්චේන කඩදාසි කම්හල

වාලච්චේන කඩදාසි කම්හල

වාලච්චේන කඩදාසි කම්හලේ පළමු කඩදාසි තොගය වෙළඳපොළට මුදාහැරීම ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග සහ අග්‍රමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ පදනම් ආයතනයේදී ඊයේ(2) පස්වරුවේ සිදුකෙරිණ.

වසරකට රුපියල් බිලියන සියයක් පමණ මින් ඉතිරි කරගැනීමට හැකි වෙතැයි ජාතික කඩදාසි සමාගමේ සභාපති විමල් රූපසිංහ මහතා පැවසීය.

මෙම අවස්ථාව සඳහා කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ , අමාත්‍යංශ ලේකම් ජේ. ඒ රංජිත් යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

වාලච්චේන කඩදාසි කම්හලේ පළමු කඩදාසි තොගය කඩදාසි සමාගමේ සභාපති විමල් රූපසිංහ මහතා විසින් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග සහ අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් යන මහත්වරුන්ට පිළිගැන්වූ අයුරු ඡායාරූපයේ දැක්වේ.

වාලච්චේන කඩදාසි කම්හල

(ලංකාදීප – නිමල කොඩිතුවක්කු | ඡායාරූප : රොමේෂ් ධනුෂ්ක සිල්වා)

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *