පොදුජන පෙරමුණ අපේක්ෂක ප්‍රේමලාල් ජයසේකරට මිනීමැරීමේ චෝදනාවට මරණ දඬුවම

ප්‍රේමලාල් ජයසේකර
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් අපේක්ෂක හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර නොහොත් චොකා මල්ලි ඇතුළු තිදෙනෙකුට රත්නපුර මහාධිකරණය විසින් මිනීමැරීමේ චෝදනාවට මරණ දඬුවම නියම කර තිබේ.
රත්නපුර මහාධිකරණ විනිසුරු රොහාන් ජයසූරිය මහතා ඔවුන්ට අද (31) මරණ දණ්ඩනය නියම කළේය.
2015 ජනාධිපතිවරණය අතරතුර කහවත්ත ප්‍රදේශයේ දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්‍රේමලාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා තිබුණි.
සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වූ නිලන්ත ජයකොඩි සහ කහවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මානික්ක වඩුගේ වජිර දර්ශන ද සිල්වා මරණ දඬුවම නියමවූ සෙසු විත්තිකරුවන් වේ.
-LD, AD-