2019 දී විදුලි බල මණ්ඩලයට කොටි 85,000 ක පාඩුවක්, මේ වසරේ කෝටි 90,000ක්

විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළට සාමාජිකයින් 8කින් යුත් කමිටුවක්

විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළට සාමාජිකයින් 8කින් යුත් කමිටුවක්

පසුගිය වසරේදී විදුලි බල මණ්ඩලය රුපියල් කෝටි 85,000ක් පාඩු ලැබූ බව විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතා කොළඹදී ඊයේ (30) පැවසීය.

මේ වසරේදී පාඩුව රුපියල් කෝටි 90,000ක් බවට පුරෝකථනය කළත් රුපියල් කෝටි 63,000 ක සීමාවකට එම පාඩුව අවම කරගැනීමට හැකියාව තිබෙන බවත් සභාපතිවරයා සඳහන් කළේය.

කොළඹ පිහිටි ලංකා විදුලිබල මණ්ඩලයේ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය. ඉන්ධන සහනය හිමිවීම සහ කර්මාන්ත ශාලාවල පරිභෝජනය අඩුවීම හේතුවෙන් තාප විදුලිය නිෂ්පාදනයට යන වියදම අවම වීමෙන් මෙම පාඩුව අවම කිරීමට හැකිවූ බවද ඔහු සඳහන් කළේය.

(ලංකාදීප – නිමල කොඩිතුවක්කු)

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *