අදාළ නොවන ප්‍රශ්න අසන්නන්ට, දෙන්නට බෙහෙත් තිබේ ..!!

ලංකාවේ මිනිසුන් පෞද්ගලික ජීවිත හාරා ඇවිස්සීම සම්බන්ධයෙන් ලියමි....
ලංකාවේ මිනිසුන් පෞද්ගලික ජීවිත හාරා ඇවිස්සීම සම්බන්ධයෙන් ලියමි….
මගේ අපූරු මිත්‍රෙයකු සිටින අතර ඔහු කරන්නේ කිසියම් කෙනෙකු තමන්ගේ පෞද්ගලිකත්වය ගැන ප්‍රශ්න කළොත් ඔහු ද පෙරළා අදාළ පුද්ගලයාගෙන් සමාන ප්‍රශ්නයක් ඇසීමයි.
ඔහු ස්ථිර රැකියාවක් නොකර අතර ෆ්‍රීලාන්ස් වැඩ සිය වෘත්තිය බවට පත් කර ගෙන සිටී. අසල කඩයක මුදලාලි කෙනෙකු වරක් ඔහුගෙන් විමසා තිබුනේ ඔහුට ආදායම ලැබෙන විදිහ ගැනයි.
පෙරළා ඔහු මුදලාලිගේ ආදායම් ලැබෙන විදිහ ප්‍රශ්න කර තිබේ. ඔයාට මේ බල්බ් එක විකුණුවා ම කීයක් එනව ද? සීනි කිලෝ එකකින් ඔයාට ලාබය කීයක් තියෙනව ද? සබන් කෑල්ලකින් ඔයා කීයක් හොයනවද වශයෙන් දිගින් දිගට මුදලාලිගෙන් ප්‍රශ්න කිරීමෙන් පසු අද ද මුදලාලි උගේ මූණවත් බලන්නේ නැති බව ආරංචිය.
තවත් දිනෙක පාසලේ හිටපු මිත්‍රයෙක් මුණ ගැසී මොකද කෙට්ටු වෙලා යැයි අසා තිබේ. ඔහු පෙරළා ප්‍රශ්න ඇසූ පුද්ගලයාගේ ශරීරයේ ඇති අඩුපාඩු ප්‍රශ්න කර ඇති අතර ඔහු මුවින් නොබැන ගොස් ඇත.
අන්තිමේ දී මේකාට ඩිවෝස් වීමට ද සිදු වූ අතර ඒ නැන්දාම්මා ඔහු ස්ථාවර දැයි ඇසූ විට පෙරළා නැන්දම්මාගෙන් ද ඔබ ස්ථාවර දැයි ඇසීම හේතුවෙනි.
කොහොම වෙතත් මෙය පෞද්ගලික ජීවිත වෙත අනවශ්‍ය ලෙස ඇගිලි ගසන්නට එරෙහි ව ක්‍රියාත්මක කළ හැකි මනා ආයුධයක් බව මම ද අවස්ථා කිහිපයක දී අත්හදා බැලීමෙන් දන්නෙමි.
-Darshana Ashoka Kumara (FB)