කථිකාචාර්යවරිය ජීවත්ව සිටියදීම මියගිය බවට ප්‍රචාරය කළ ප්‍රමුඛ පෙළේ වෙබ් අඩවි

යාපනය විශ්ව විද්‍යාලය

යාපනය විශ්ව විද්‍යාලය

පසුගිය දිනක රාත්‍රියේ කිලිනොච්චි ප්‍රදේශයේ දී වන අලියෙකු පහර දුන් යාපනය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරියක් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළ වෙබ් අඩවි වාර්තා කර ඇත.

සිකුරාදා (ජූලි 24) කොළඹ ජාතික රෝහලේ ස්නායු රෝග වාට්ටුවේ දැඩි සත්කාර ඒකකයෙහි කථිකාචාර්යවරිය ප්‍රතිකාර ලබමින් සිටි බව රෝහල විසින් තහවුරු කර ඇත. නමුත් සිද්ධියට පසු දින (ජූලි 20) ඇතැම් මාධ්‍ය ආයතන වාර්තා කළේ කථිකාචාර්යවරිය මිය ගොස් ඇති බවයි.

යාපනය විශ්ව විද්‍යාලය  යාපනය විශ්ව විද්‍යාලය

මුලින් මෙම ප්‍රවෘත්තිය පළ කළ වෙබ් අඩවි ගොසිප් පළ කරන වෙබ් අඩවි වුවද ඒ අතරේ ගුණාත්මක ප්‍රවෘත්ති පළ කරන වෙබ් අඩවියක් වන dailynews, newswire.lk වැනි වෙබ් අඩවිද කථිකාචාර්යවරිය මියගොස් ඇති බවට වාර්තා කළේය.

මේ පිළිබඳව යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය තංගමුත්තු සත්‍යමූර්ති සිය ෆේස්බුක් පිටුවෙහි මෙසේ සදහන් කරයි,

“මුලින්ම ප්‍රවෘත්ති වාර්තා කිරීමේ තරගකාරී හැඟීම නිසා බොහෝ දෙනා තහවුරු නොකළ පුවත් ද පළ කිරීම ට හේතුවේ. සමහර විශ්වාසදායක වෙබ් අඩවි මත විශ්වාසය තබා ඇති විටෙක එම වෙබ් අඩවි පවා වැරදි කළ විට පුවත් පිළිබඳ විස්වාසය පලුදු වන බව සඳහන් කරයි.
මෙලෙස ෆේස්බුක් පිටුවේ අධ්‍යක්ෂවරයා තැබූ දිගු සටහන මාධ්‍යවේදීන්ගේ ක්‍රියාකලාපය පිළිබඳ යථාර්ථය අවබෝධ කර ගැනීමට උපදෙස් සපයයි.

-විඩියල්

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *