ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකා ශ්‍රීපාලි වීරක්කොඩි…

0
කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකා ශ්‍රීපාල වීරකෝඩි

කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකා ශ්‍රීපාල වීරකෝඩි

කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකා ශ්‍රීපාල වීරකෝඩි
ශ්‍රීපාල වීරකෝඩි

ශ්‍රී ලංකා කාන්තා පිල නියෝජනය කරන දක්ෂ ක්‍රීඩිකාවක් වන ශ්‍රීපාලි වීරක්කොඩි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගන්නා බව ප්‍රකාශ කර තිබේ.මේ සම්බන්ධව ඇය නිල වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලිඛිතව දැනුම් දී තිබේ.

ශ්‍රීපාලි සිය 34 හැවිරිදි වියේදී ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම යන්නට තීරණය කර ඇත.එපමණක් නොව ඇය මේ වන විට එක් දින ජාත්‍යන්තර තරඟ 89කට සහ විස්සයි – විස්ස ජාත්‍යන්තර තරඟ 58කට ශ්‍රී ලංකාව වෙනුවෙන් සහභාගී වී ඇත.

තම සමුගැනීමේ තීරණය පිළිබඳ ඇය වැඩි දුරටත් කියා සිටියේ, මෙය තමාගේ පෞද්ගලික තීරණයක් බවයි.

“මෙය මා කවදාක හෝ ගත යුතු තීරණයක්. ඒ නිසා මම හිතන්නේ මෙය තමයි ඒ සඳහා හොඳම වෙලාව” යනුවෙන් ශ්‍රීපාලි වීරක්කොඩි වැඩි දුරටත් අදහස් දැක්වීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com