කුරුණෑගල රාජ සභා ගොඩනැගිල්ල විනාශ කිරීම, අදාළ පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්න – කමිටුවෙන් අගමැතිට උපදෙස්

කුරුණෑගල රාජ සභා ගොඩනැගිල්ල විනාශ කිරීම, අදාළ පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්න, කමිටුවෙන් අගමැතිට උපදෙස්,

කුරුණෑගල රාජ සභා ගොඩනැගිල්ල විනාශ කිරීම, අදාළ පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්න, කමිටුවෙන් අගමැතිට උපදෙස්,

කුරුණෑගල රාජ සභා ගොඩනැගිල්ල විනාශ කිරීම, අදාළ පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්න, කමිටුවෙන් අගමැතිට උපදෙස්, නීතිපතිවරයා ද උපදෙස් ලබා දී ඇත

කුරුණෑගල රාජ සභා ගොඩනැගිල්ල විනාශ කිරීම පිළිබඳ සොයා බැලීමට පත්කළ කමිටුවේ අන්තර්කාලීන වාර්තාව අද (22) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ට බාර දී තිබේ.

එම වාර්තාව මඟින් යෝජනා 5ක් ඉදිරි පත් කර ඇත.

කුරුණෑගල රාජ සභා ගොඩනැගිල්ල විනාශ කිරීම, අදාළ පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්න, කමිටුවෙන් අගමැතිට උපදෙස්, නීතිපති ද උපදෙස් ලබා දී ඇත

අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි බුද්ධ ශාසන සහ සංස්කෘතික කටයුතු ලේකම්වරයා විසින් ‍මෙම කමිටුව පත් කරනු ලැබීය.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ටී. ජී.කුලතුංග, කුරුණෑගල අතිරේක දිස්ත්‍රික් ලේකම් ජී. ඒ. කිත්සිරි, මධ්‍යම සංස්කෘතික අරමුදලේ වැඩබලන සංවර්ධන අධ්‍යක්ෂ වාස්තු විද්‍යාඥ සුමේධා මාතොට මහත්මිය, බුද්ධ ශාසන සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ පුරාවිද්‍යාඥ ප්‍රසාද් රණසිංහ මෙම කමිටුව නියෝජනය කරයි.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක, කුරුණෑගල කොට්ඨාශ භාර නිලධාරී, කුරුණෑගල විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිස සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂක ජනරාල්වරයා සමග ඊයේ සහ අද දිනයේදී පැවති සාකච්ජා කල බව නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කර සිටියා.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව  සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු වඩා විධිමත්ව ඉදිරියට පවත්වාගෙන යන ලෙසත්  එම විමර්ශනයේ උදෘත මේ මස 31 වෙනිදාට පෙර තමන් වෙත ලබා දෙන ලෙසන් නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී ඇත.

-AD & NW & MLK-

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *