පෙබරවාරි විදුලි බිලේ අගයම මාර්තු, අප්‍රේල් සහ මැයි මාසවලටත් (සම්පූර්ණ විස්තර)

තැපැල් කාර්යාලවලින් විදුලි-ජල බිල්පත් ගෙවීමේ ගාස්තුව ඉහළට

තැපැල් කාර්යාලවලින් විදුලි-ජල බිල්පත් ගෙවීමේ ගාස්තුව ඉහළට

විදුලි බිලට සහනයක් ලබා දීමට ඊයේ රැස්වූ අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ අනුව පෙබරවාරි මාසයේදී තමන්ට ලැබුණු විදුලි බිලේ මුදලම මාර්තු, අප්‍රේල් සහ මැයි යන මාසයන් සඳහා පියවීමට පාරිභෝගිකයින් හට අවසර ලබා දීමට තීරණය කළ බවයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කර සිටියේ.

ඒ අනුව මාර්තු, අප්‍රේල් සහ මැයි මාස තුන සඳහා වන විදුලි බිල්පත් පෙබරවාරි මාසයේ සඳහන් බිල්පතට අනුව හෝ ඉන්පසුව ලද අවම බිල්පත යටතේ (පෙබරවාරි මස සඳහන් වන මිල ගණනට වඩා මාර්තු බිල්පත අඩු නම්  එම බිල්පතේ සඳහන් ගණන) ගෙවීමට අවස්ථාව ලබාදීමට රජය අද දින තීරණය කර ඇත.

එමෙන්ම එම බිල්පත් ගෙවීම සඳහා මාස දෙකක සහන කාලයක් ලැබෙන අතර එම කාලය තුළ කිසිදු විදුලි විසන්ධි කිරීමක් සිදු නොකිරීමට ද ලංකා විදුලි බල මණ්ඩලයට උපදෙස් ලබාදී තිබේ.

ඒ අනුව ඉහත සඳහන් කළ මාස 03ට ලබාදුන් බිල්පත් අනුව යම් කෙනෙක් බිල්පත් දැනටමත් ගෙවා ඇත්නම් ඊට අදාළ මුදල් ලබා ගැනීම හෝ ඉදිරි බිල්පත්වලින් එම මුදල් පූරණය කිරීමටද පියවර ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *