සිංහලයින් අපගේ භූමිය අයිති කර ගෙන සිටී යැයි විලාප දීමෙන් ඵලක් නැත – තවරාසා

දෙමළ දේශය සඳහා වූ ඡන්ද බැංකුව බිඳ හෙළීමට අවශ්‍ය පසුබිම සැකසී ඇත. බයිසිකලේ සලකුණටත්, මත්ස්‍ය සලකුණටත් ඡන්ද බෙදී යාමට ඉඩ ඇත. නළලෙහි විභූති ගා තිලක තබා ගෙන හිටපු උතුරු මහ ඇමති මත්ස්‍යයා සලකුණට ඡන්දය භාවිතා කරන්න යැයි පැවසීම කනස්සල්ලට හේතුවක් බව හිටපු උතුරු පළාත් සභා විපක්ෂ නායක තවරාසා මහතා පවසා ඇත.

ඔහු මේ බව පැවසුවේ යාපනයේ මාධ්‍ය සංසදයේ පැවැති මාධ්‍ය හමුවකදීය. මේ සම්බන්ධයෙන් තව දුරටත් කරුණු දැක් වූ ඔහු ,

“වැසි කාලයේ දී මෙරුවෝ පැමිණෙනවා සේ මැතිවරණ සමයේ දී නව අපේක්ෂකයන් ඉදිරිපත් වේ. ඔවුන් පැමිණ බොරු ප්‍රචාරයන් කරයි. යුද්ධය අවසන් වූ කාලයේ සිටම අද වන තුරු දෙමළ සන්ධානය මැතිවරණ පොරොන්දු ජනතාවට දී සීමිත කාල සීමාවක් තුළදී දේශපාලන විසඳුමක් ලබා දෙන බවයි පවසයි. තවද මෙයට දේශපාලන විසඳුමක් නොලැබුණ හොත් නැවතත් අරගලය ආරම්භ කරන බව පැවසී ය. 2011 සිටම ජාත්‍යන්තරයට අපගේ දුක් ගැටළු ඉදිරිපත් කිරීමට ඔවුන්ට ඡන්දය දෙන ලෙස අයද සිටියේ ය. මේ වන තුරු ජාත්‍යන්තරයට අපගේ ගැටළු රැගෙන ගියාද කියාවත් අපි නොදනිමු.

පසුගිය පළාත් සභා මැතිවරණයේ දී හමුදාව උතුරෙන් මුළුමනින් ම ඉවත් කර ගැනීම සඳහා තමන්ට ඡන්දය දෙන ලෙස ප්‍රකාශ කරන ලදී. ඇමරිකානු ජනාධිපතිවරයා සහ බ්‍රිතාන්‍ය ඇමතිවරයා සමඟ කතා කළ හැකි කෙනෙකු පත් කර ගන්නා ලෙස ඉල්ලා සිටියහ. එසේ වුවත්, එම උතුරු මහ ඇමතිවරයා කිසිඳු දෙයක් ලබා නොගත් අතර සියළුම අයගේ කාලය කා දැමීම පමණක් සිදු කරන ලදී. තවද පසුගිය කාලයේ ජාත්‍යන්තරයෙන් විසඳුමක් ලබා දෙන බව පැවසුවා. මීළඟට ඔවුන් පැවසුවා යහ පාලන ආණ්ඩුවෙන් ලැබෙන තීන්දු ස්ථීරයි කියලා. නමුත් වර්තමානයේ ඔවුන් ස්වයං නිර්ණය සඳහා ජනතාව අවුස්සමින් සිටින බව ද පැවසී ය.

තව කණ්ඩායමක්, එක් රටක් ආණ්ඩු දෙකක් යැයි පවසමින් ගියේ ය. රාජ්‍යයන් දෙකක් යන සංකල්පය ඊරෝස් සංවිධානයේ අරාලර් යන තැනැත්තා මීට පෙර ජනතාවට ප්‍රකාශ කළේය. වර්තමානයේ එම සංකල්පය දෙමළ ජාතික සංවිධානය අතට ගෙන තිබේ. ඔවුන්ගේ පැත්තෙන් බොහෝ නීතිඥවරුන් අපේක්ෂකයන් ලෙස තරඟ කරයි.

නීතිවේදියෝ තමන්ගේ වෘත්තිය ආරම්භයේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 6 වන ඡේදය යටතේ ශ්‍රී ලංකා රජය ආරක්ෂා කරන බව දිවුරුම් දිය යුතුයි. ඒකීය රාජ්‍ය ආරක්ෂා කරන බවට දිවුරුම් දී මහ ජනතාව වෙත රාජ්‍යයන් දෙකක් බවට ප්‍රකාශ කරයි.

උතුරේ හිටපු මහ ඇමති සී.වී.විග්නේෂ්වරන්ගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කරයි. පසුගිය කාලයේ උතුරේ පළාත් සභාව අක්‍රීය කර ලැබුණු බලයෙන් මුළුමනින්ම ක්‍රියාත්මක වීම වැළැක්විය. උතුරේ අධ්‍යාපනය අඩාල වීමට ඔවුන් හේතු විය.

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ඉන්දියානු අග්‍රාමාත්‍ය යාපනයේ කළ සංචාරයේ දී එවකට මහ ඇමතිව සිටි විග්නේෂ්වරන්, ප්‍රේමානන්ද ස්වාමීන් සමඟ අත් අඩංගුවට ගත් ඔහුගේ සඟයින් නිදහස් කරන ලෙස ඉල්ලමින් ලිපියක් භාර දුන්නේ ය. උතුරේ ජනතාවගේ ප්‍රශ්න නොසලකා හැර අනවශ්‍ය ඉල්ලීම් ඉදිරිපත් කළේ ය.

පළාත් සභාවට ලැබුණු බලතල භාවිතා නොකර කිසිම ඵලක් නොවන යෝජනා ඉදිරිපත් කරමින් පළාත් සභාව ලේකම් කාර්යාලයක් බවට පරිවර්තනය කළ අය තමයි අද පාර්ලිමේන්තුවේ ද්‍රවිඩයන් වෙනුවෙන් සටන් කරන්න යන්නේ යනුවෙන් පැවසූ හ.

ද්‍රවිඩ ජනතාවගේ උරුමයන් ගැන වඩුකෝට්ටෙයි සම්මේලනයේ ගත් තීන්දු තීරණයන් ගැන ඔවුන් නොසලකා හැර ඇත.

දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් සඳහා කළ සටන ජය ගැනීම සඳහා 20කට අධික සංවිධාන නීති අවිනීති නොබලා අරගලයක නිරත විය. මොවුන් කිසිඳු අරගලයකට සම්බන්ධ නොවූ ප්‍රභා මල්ලි යැයි කියා දේශපාලනය කිරීමට ඔවුන්ට ඇති අයිතිය කුමක්ද? මේ තත්ත්වය මත, දෙමළ ජනතාව ආවේගයෙන් තොරව යථාර්ථය අවබෝධයෙන් තමන්ගේ නියෝජිතයෝ තෝරා ගත යුතුයි.

පුරා විද්‍යා චක්‍රවර්තී මේධානන්ද හිමිපාණන්ගේ මතය බොහෝ මත භේද මතු කර තිබේ. එය සමස්ථ සිංහල ජනයාගේ මතය නොව එතුමාණන්ගේ පෞද්ගලික මතයයි. මෙයට ප්‍රධාන හේතුව ඉන්දු ලංකා ගිවිසුම මුළුමනින් ම ක්‍රියාත්මක නොවීමයි. ඉන්දු ලංකා ගිවිසුමේ උතුරු නැගෙනහිර ද්‍රවිඩයන්ගේ මවු බිම ලෙස පිළිගෙන ඇති ගිවිසුමකි. එය ප්‍රතික්ෂේප කරමින් දැන් සිංහල ජනයා අපගේ ප්‍රදේශ ආක්‍රමණය කරනවා යැයි විලාප නැඟීමෙන් ඵලක් නැත” යනුවෙන් පැවසූ හ.
-tamil news and image source athirady website-

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *