බැඳුම්කරේ පිළිබඳ මා දන්නා දේ හෙළි කළොත් ආණ්ඩුව පෙරළෙයි… – රනිල්

0
රනිල් වික්‍රමසිංහ තවත් පෙත්සමක වග උත්තරකරුවකු ලෙස නම් කරයි මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ පත් කිරීම හුදෙක් දේශපාලනික පත් කිරීමක් බවයි ඔවුන් පෙන්වා දී ඇත්තේ, එම නිසා ජනාධිපතිවරයා වෙත පැවරි ඇති විධායක බලතලයන් හරහා කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ධූරය සඳහා විශ්වවිද්‍යාලයේ කීර්තිය සහ ගෞරවය ආරක්ෂා කළ හැකි ඊට වඩා සුදුසු පුද්ගලයෙකු නව කුලපතිවරයෙකු ලෙස පත් කිරීමට අදාළ පියවර ගන්නා ලෙසයි ශිෂ්‍ය සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ.

රනිල් වික්‍රමසිංහ තවත් පෙත්සමක වග උත්තරකරුවකු ලෙස නම් කරයි

ආන්දෝලනාත්මක බැඳුම්කර ගණුදෙනුව පිළිබඳ බොහෝ වාර්තා තමා සතුව ඇති බවත්, එය හෙළි කළහොත් ආණ්ඩුවේ බොහෝ දෙනෙකුට තනතුරු අහිමි වන බවත් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසී ය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය සම්මුඛ සාකච්ඡාවකදී ය.

එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වන්නේ මෝඩයන් බව රනිල් වික්‍රමසිංහ මහතා වෙත ආර්. ප්‍රේමදාස මහතා පැවසූ බවත්, අද ඔහුගේ පුත්‍රයා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව ගොස් ඇති බවත් රනිල් වික්‍රමසිංහ මහතා තව දුරටත් ප්‍රකාශ කළේ ය.

පසුගිය ජනාධිපතිවරණයේ දී මුස්ලිම් හා දමිළ ජනතාවගේ ඡන්ද සහ මධ්‍ය පාන්තිකයන්ගේ ඡන්ද සජිත් ප්‍රේමදාස මහතාට අහිමි වුවහොත් ඔහු අන්ත පරාජයකට පත් වන බවත් ඔහු පැවසී ය.

එසේම, ඩී.එස්. සේනානායක යුගය මෙන් නැවතත් යු.එන්.පි ය ආරම්භ වනු ඇති බවත්, අහිමි වූ සියළු ඡන්ද එකට ඒකරාශී කර ජයග්‍රහණය කරන බවටත් රනිල් වික්‍රමසිංහ මහතා බලාපොරොත්තු පළ කළේ ය.
-jvpnews-

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com