13වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට බලතල ලබා දෙන්නමි – සජිත් යාපනයේදී…

“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන ව්‍යවස්ථා සශෝධනයෙන් ඔබ්බට සම්මුතිවාදී රට තුළ බලය බෙදා හරින්නෙමි” යනුවෙන් ජාතික සමඟි බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ ය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද යාපනයේ මාධ්‍ය සංසදයේ පැවැති මාධ්‍ය හමුවකදී ය. ඔහු තව දුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ,

“ක්ෂුද්‍ර ණය මඟින් බලපෑමට ලක්ව ඇති කාන්තා නායකත්වයෙන් යුතු පවුල් සඳහා විශේෂ සැලැස්මක් හඳුන්වා දී ඒ මඟින් සහන සැපයීමට යෝජනා කර ඇත්තෙමි”.

“එලෙසම උතුරු ජනතාවගේ මූලික ගැටළු කෙරෙහි ද අවධානය යොමු කර ඇත්තෙමි”.

“ග්‍රාමීය සහ නාගරික පරිපාලන රාමුවක් නිර්මාණය කර තම ප්‍රදේශ සංවර්ධනයන් තීරණය කිරීමට ජනතාවට උපකාර වන සැලැස්මක් මම නිර්මාණය කරමි”.

“සෑම අවස්ථාවකදීම 13වන ව්‍යවස්ථාව ආරක්ෂා වන පරිදි ක්‍රියා කරමි. එක්සත් රටක් තුළ බලය බෙදා හැරීම කෙරෙහි අවධානය යොමු කරන පළාත් සභාව ද මම ආරක්ෂා කරමි”.

මේ අතර, ඝාතනයට ලක් වූ දෙමළ මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ යුතුයි. තමන් පාලනයට පැමිණිය හොත් ඒ කාරණය සම්බන්ධව මුළුමනින්ම විමර්ශනය කරනු ලැබේ.

මාධ්‍යවේදීන්ට පහර දීම, ඔවුන්ව ඝාතනය කිරීම වැනි ක්‍රියා පිළිබඳව කටයුතු සිදු කරන්නේ නම් ඒ සම්බන්ධ ගැඹුරු විමර්ශනයක් පැවැත්විය යුතුයි.

එම විමර්ශන උතුරු, නැගෙනහිර හා දකුණ යන භේදයකින් තොරව වහාම ක්‍රියාත්මක කරන බව ඔහු තව දුරටත් පැවසීය.
-tamilwin-

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *