හෙම්මාතගම ප‍්‍රාදේශිය රෝහලේ තිදරු මවකට කල් ඉකුත් වූ ඖෂධ දීලා..!

හෙම්මාතගම ප‍්‍රාදේශිය රෝහලේ තිදෙරු මවකට කල් ඉකුත් වු සේලයින් ලබා දිමේ සිද්ධිය සම්බන්ධයෙන් බුද්ධි අංශ හෝ පොලිස් පරික්ෂණයක් කර මේ සම්බන්ධයෙන් වු වැරදි කරුවන් නිතීය ඉදිරියට ගෙන එන ලෙස හෙම්මාතගම පොලිසියට හෙම්මාතගම රෝහලේ ප‍්‍රධාන වෛද්‍ය ඩි.එම්.යු.සී.බි ධනපාල මහතා පැමිණිලි කර ඇත.

පොලිසියට පැමිණිලි කරන ලද වෛද්‍ය ඩි.එම්.යු.සී.බි ධනපාල මහතා විසින් පවසන්නේ කල් ඉකුත් වු සේලයින් රෝහලේ පැවතියේ නම් ඒවා අබ්ලි ද්‍රව්‍ය කොටසේ පවතින අතර රෝහලේ එදිනෙදා භාවිතයට ගන්නා ගබඩාවේ කල් ඉකුත් වු සේලයින් තිබිමට කිසිදු හැකියාවක් නොමැති බවට විශ්වාසනීය කරුණු මේ වන විට රෝහලේ කාර්ය මණ්ඩලය සනාථ කර ඇති බවද පොලිස් ස්ථානාධිපතිවරයා ඉදිරිපිටදි පැවසිය.

රෝහලේ ප‍්‍රධාන වෛද්‍යවරයා විසින් අදාල පැමිණිල්ල සිදු කිරිමෙන් පසුව කල් ඉකුත් වු සේලයින් ලබා දිමේ පුවත වාර්තා කරන ලද මාධ්‍යවේදියාද හෙම්මාතගම පොලිස් ස්ථානාධිපති මෙෂාන් ඉන්දුක ද සිල්වා මහතා පොලිසියට ගෙන්වා මේ සම්බන්ධයෙන් එතුමාගෙන්ද විමසිමක් කර අදාල සාක්සි සටහන් කර ගැනිම සිදු විය. එහිදි මාධ්‍යවේදියා සතුව පැවැති කල් ඉකුත් වු සේලයින් තිදෙරු මවට ලබා දෙන විඩියෝ දසුන් මෙන්ම ජායාරූපද පරික්ෂාවට ලක් කිරිමෙන් පසුව එය පරපතල වරදක් බව ප‍්‍රධාන වෛද්‍යවරයා වෙත ස්ථානාධිපතිවරයා පෙන්වා දෙන ලදි.

හෙම්මාතගම රෝහලේ ප‍්‍රධාන වෛද්‍ය ඩි.එම්.යු.සී.බි ධනපාල මහතා පැවසුයේ මෙ සේලයින් කල් ඉකුත් වුවත් රෝගීයාට කිසිදුඅසාදනයක්මෙතෙක් හට නොගත් බවයි. එමෙන්ම රෝගියා විසින් රෝහල වෙත පැමිණිල්ලක් කර නොමැති බවත් හෙද නිලධාරින්ටත් මේ සම්බන්ධයෙන් දැනුම් දිමක් කර නොමැති බවයි. තමන් සහ තම කාර්ය මණ්ඩලය අපහසුතාවට ලක් කිරිමට මෙම ක‍්‍රියාව සිදු කිරිමට ඇතැයි විශ්වාස කරන ඒ මහතා සිදු විම සම්බන්ධයෙන් විදිමත් පරික්ෂණයක් ඉල්ලා සිටි.

අදාල රෝගීයා ජුනි 19 වැනිදා රෝහලෙන් සිය කැමැත්තෙන් ටිකට් කපා ගෙන ගිය බවට ප‍්‍රධාන වෛද්‍යවරයා පැවසුවත් රෝගී 42 හැවිරිදි දුම්බුළුවාව හෙම්මාතගම ලිපිනයේ පදිංචි පුෂ්පා රංජනි මහත්මිය පවසන්නේ තමන් ජුනි 18 වැනි දින රෝහලට ඇතුලත් කරන ලද්දේ උදරාබාදයක් හේතුවෙන් වන බවත් එහිදි කිසිදු වෛද්‍යවරයෙක් උදෑසන වන තෙක්ම ( ජුනි 19 උදෑසන 8.30 පමණ වන තෙක් තම රෝගි තත්වය පරික්ෂාවක් සිදු නොකරන ලද බවයි. රෝගි තත්වය පරික්ෂා නොකර තමන්ට කල් ඉකුත් වු සේලයින් ලබා දුන් බවත් වේදනා නාශක කරලක්ද ලබා දුන්නේ එහි සේවයේ යෙදි සිටි හෙඳ නිලධාරීනියන් විසින් බවද කියයි.

තමන්ගේ සහෝදරයෙක් පැමිණ රෝගී තත්වය ගැන තමන්ගෙන් විමසු අවස්ථාවේ ඔහු 2018 වසරේ කල් ඉකුත් වු සේලයින් බෝතලයක් තමන්ගේ ශරිරයට එන්නත් කර ඇති නිසා එය වගකිව යුතු බලධාරියෙකුට පෙන්විම වෙනුවෙන් එහි විඩියෝ ගත කිරිම් මෙන්ම ජායාරූප කිහිපයක් ගෙන තිබුණේ එම අවස්ථාවේ තිබුණු හොඳම සාක්සිය ඉදිරි පරික්ෂණයකදි වැදගත් වේයැයි සිතාය.

පැය 10 කින් පමණ තමාව පරික්ෂාවට ලක් කරන ලද වෛද්‍යවරයෙක් තමා මාවනැල්ල රෝහලට වෙත මාරු කිරිමට අවසරය ලබා දුන් බවද ඇය වැඩිදුරටත් පෙන්වා දෙන අතර ඇය පවසන්නේ තමාට කල් ඉකුත් වු බෙහෙත් ලබා දි මිය ගියත් එය රෝහලට පාඩුවක් නොවන බවයි. කුඩා දරුවෙකුට හෝ වැඩිහිටියෙකුට අසාද්‍ය රෝගීයෙකුට මෙවැනි ප‍්‍රතිකාර කිරිම් වහාම නැවැත්විමට කටයුතු කරන්නට විදිමත් පරික්ෂණයක් කරන ලෙසද ඇය සහ පවුලේ ඥාතීන් ඉල්ලා සිටින අතර ඔනෑම පරික්ෂණයට තමන් සුදානම් වන බවද කියයි.

කෙසේ හෝ රෝහලේ ප‍්‍රධාන වෛද්‍ය ඩි.එම්.යු.සී.බි ධනපාල මහතා පැවසුයේ තමා රෝහලේ වැඩ භාර ගැනිමෙන් පසුව රෝහලේ නිතී රිතී සේවකයන් වෙනුවෙන් තදින්ම ක‍්‍රියාත්මක කිරිමට එහි ප‍්‍රධාන බලධාරියා ලෙස කටයුතු කරන ලද බවයි. එමෙන්ම රෝහලේ බොහෝ අඩුපාඩු රැුසක් තමාගේ කාලයේදි සිදු කර ඇති නිසා. එතුමා මාධ්‍යයටද ආරාධනයක් කර ක‍්‍රියා සිටියේ රෝහල දිවුණු කරන්නට නම් සේවකයන් කිහිප දෙනෙකු විසින් සිදු කරන වැරදි පෙන්වා දි ඔවුන් වෙනුවට වෙනත් සේවකයන් මෙම රෝහලට ආදේශ කර යුතු බවයි. දැනට රෝහලේ වෛද්‍ය හිගයක් පවතින බවත් එමෙන්ම සමහර සේවකයන් නිසි වේලාවට රාජකාරි සිදු නොකරන බවටත් පරිපාලනය තමා අතින් සිදු කිරිමේදි අවුල් සහගත තත්වයන් ඇති බවට ජනතාවට පෙන්විමට යම් යම් කටයුතු භාහිරව අවුල් වියවුල් කරන බවටද එතුමන් විසින් පෙන්වා දෙන ලදි.

ප‍්‍රධාන වෛද්‍ය ඩි.එම්.යු.සී.බි ධනපාල මහතා වැඩිදුරත් පැවසුයේ හෙම්මාතගම ප‍්‍රදේශයේ සමහර පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන වල වෛද්‍යවරු කිහිප දෙනෙක්ම කිසිදු වෛද්‍ය සුදුසුකමක් නොමැතිව පුහුණුවිම් සිදු කරන බවයි. එමෙන්ම සමහර පළාත් පසු කරමින් වෛද්‍යවරුන් පැමිණ හෙම්මාතගම නගරයේ බෙහෙත් ශාලා පවත්වාගෙන යන අතර ඔවුන් එම වෛද්‍ය මධ්‍යස්ථාන වල නිසි වේලාවට රාජකාරි කටයුතු කරන නිසා ඔවුන් එම පළාත් වල රජයේ සේවය නිසි වේලාවට සිදු කිරිම බරපතල ගැටලූවක් වන නිසා එය සොයා බලා වාර්තා කරන ලෙසටද හෙම්මාතගම පොලිසියේ ස්ථානාධිපති මෙෂාන් ඉන්දුක ද සිල්වා මහතා ඉදිරිපිට පැවසිය.

හෙම්මාතගම පොලිසියේ ස්ථානාධිපති මෙෂාන් ඉන්දුක ද සිල්වා මහතා.

“රෝහල සම්බන්ධයෙන් පවතින ගැටලූ මෙන්ම ජනතාවට සිදු වන යහපත් දේවල් ලෝකය හමුවේ තැබිමට මාධ්‍ය මගින් හොඳ කාර්ය භාරයක් සිදු කර හැකි වනවා. ඒ නිසා ඉදිරියටත් මේ සම්බන්ධයෙන් අවදානය යොමු කොට රෝහලේ පරිපාලනය කර ගෙන යෑමේදි ප‍්‍රධානියන්ට බලපෑම් කරන සේවකයන් ගැන සමාජයට හෙළි දරව් කරන්න. මෙහි සිටින සමහර සේවකයන් මේ රැුකියාවට අමතරව තවත් රැුකියා වල නිරත වෙනවා. පසුගියදා මට ආරච්චියක් ලැබුණා හෙම්මාතගම රජයේ රෝහල පැය 16 සෑම සිකුරාදා දිනකම වහනනවා කියලා. එහෙම කරන්න යන්න එපා. ප‍්‍රධාන වෛද්‍යතුමන්වත් මට ඒ බව දැනුම් දුන්නේ නැහැ. රෝහල් සංවර්ධන කමිටුව තිබුණා අපිට ආරාධනයක් කරලා තිබුණෙත් නැහැ. ඒ නිසා බෙහෝ වැරදි රෝහල පැත්තෙනුත් ජනතාවට වේලා තියෙනවා. ඒ නිසා අපි හැම කෙනෙක්ම මේ රෝහලට දියුණු කරන්නට සහාය දක්වමු මමත් කැමැතියි ඒ වෙනුවෙන් උදව් කරන්න යැයිද පැවසිය.

– සමන් විජය බණ්ඩාර

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *