අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හට හරීන්ගෙන් චෝදනාවක්…

පසුගිය ජනාධිපතිවරණයේ දී අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ දේශපාලන ක්‍රියාවලියක නිරත වූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ඊයේ දිනයේ (21) සමගි ජන බලවේග පොළොන්නරුව මැදිරිගිරිය ආසන බල මණ්ඩල රැස්වීමට එක්වෙමින් පැවසුවේය.

එහිදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් තම අදහස් දක්වමින් මෙසේ ප්‍රකාශ කළේය.

“රටේ නායකයෙක් ආවා, ගෝඨාභය – 52% යි සජිත් – 42% යි. මොකක්ද මෙතන වුණ ගේම කියලා හොඳට කල්පනා කළා. ගෝඨාභයගේ ගොඩෙන් 5%ක් සජිත්ට ආවා නම් දෙදෙනාගේම ප්‍රතිශත සමාන වෙනවා. මේ 5% කවුද වෙනස් කළේ? හිතාගන්න පුළුවන් නේද දැන්? පාස්කු ප්‍රශ්නෙන් කතෝලික ඡන්දවලට පහර ගැහුවා. ඒකට අගරදගුරු හිමිපාණන් වෙත ගියා. එයත් දුන්නා මරු දේශපාලනය, මටත් කතෝලික සම්භවයක් තියෙන්නේ. අගරදගුරු දේශපාලනය කිරීම ගැන මට හිරිකිතයි. ඔය ප්‍රශ්න වුණු වෙලාවේ දවසක් මම එයාට ඇමතුමක් දුන්නා උන් වහන්සේ කිව්වානේ ඇමති පුතා බේරුණා, අපේ මිනිස්සු මැරුණා කියලා. ඒ කළේ තනිකර දේශපාලනය. ඒ 5% ගේම ඇතුළේ හිටපු මිනිස්සු මේ.”

මෙහිදී අවසානයේ හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ , තමන් එම ප්‍රහාරය සිදු කළා සේ තමන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අට වතාවක් ගෙන් වූ බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *