රිෂාඩ් බදියුදීන් ට ජනාධිපති කොමිෂන් සභාවෙන් හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් දිගටම විමර්ශන

රිෂාඩ් බදියුදීන්

රිෂාඩ් බදියුදීන්

ලංකා සතොස ආයතනය සදහා සහල් ආනයනය කිරීමේදී සිදුවූ වංචාවක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාලව ප්‍රකාශයක් ලබාදීම සදහා රිෂාඩ් බදියුදීන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ දින (20/06/2020) පැමිණි අතර පැය 5ක පමණ ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව ඔහු පිටව ගොස් ඇත.

එම අවස්ථාවේ රිෂාඩ් බදියුදීන් මහතා මාධ්‍යට පළ කළේ මෙවන් අදහසක්.

“සතොස ආයතනයෙන් මාව ඉවත් කර නව ඇමතිවරයෙක් පත් කළ පසු 2018 දෙසැම්බර් මස 20 වන දින නැවත මාව එයට යෝජනා කළ අතර C.W සභාපති මට ඇවිත් කිව්වා; අපි නැති දින 52ක කාලය ඇතුළත ගබඩාවල සිට ආනයනය කරන ලද සහල් මංකොල්ල කෑම, නැති වීම පිළිබඳව අභ්‍යන්තර විගණන වාර්තාව (internal Audit Report) ගන්න ලෙසත්, ඒ පිළිබඳව විභාග කළ යුතු බවත් එමෙන්ම ඒ විගණන වාර්තාව general audit එකට යවන ලෙසත්, CID එකට ගෙන ගොස් පැමිණිලි දාන ලෙසත් මා පැවසුවා. මා කළ පැමිණිල්ල පිළිබඳව විභාග කිරීම සඳහාත්, මාගේ මතයන් ප්‍රකාශ කිරීම සඳහාත් CID එකට මාව කැඳෙව්වා. මා ගොස් මගේ අදහස් ප්‍රකාශ කළා.”


මීට අමතරව, පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට පැමිණි රිෂාඩ් බදියුදීන් මහතා 19/06/2020 එනම් පෙරේදා දින මාධ්‍යට පළ කළේ මෙවන් අදහසක්.

“සහරාන් කියන පුද්ගලයාව මන් ජීවිතයට දැකලවත්, කතා කරලාවත් නෑ. අවුරුදු 1000කට වැඩි කාලයක් තිස්සේ මුස්ලිම්, සිංහල සහ දමිළ ජනතාව සහයෝගයෙන්, සහජීවනයෙන් ජීවත් වෙන ජනතාවයි. ඒ වගේම මන් ළඟදී දැක්කා සමහර අය මෙහෙ සාක්ෂි දෙනකොට ඉස්ලාම් අාගම පිළිබඳව, සංවිධානය පිළිබඳව ඒ වගේම දේශපාලනය පිළිබඳව විවිධ මතයන් ඉදිරිපත් කර ඇති අයුරු මාධ්‍ය හරහා අපි බැලුවා. එහි ඉස්ලාම් අාගම ගැන, දේශපාලනය ගැන ඒ වගේම මන් ගැන සමහර බොරු කියලා තිබුණා. හැම ආගමක්ම අන්තවාදයට, ත්‍රස්තවාදයට විරුද්ධයි. ඒ වගේම මේ ත්‍රස්තවාදි පාස්කු ඉරිදා සිද්ධිය සිදු වූ වේලාවේ සිට මම ඇතුළු මුස්ලිම් දේශපාලඥයින්, මුස්ලිම් අාගමික නායකයින් සියලු දෙනා එක් වී මුස්ලිම් ජනතාව වෙත ඉල්ලීමක් කළා මේ ත්‍රස්තවාදයට සම්බන්ධ කවුරු හෝ කෙනෙක් ඉන්නවනම්, එසේත් නොමැති නම් ඒ පිළිබඳව කවුරුහරි තොරතුරු දන්නවනම් පොලීසියට ඒ පිළිබඳව දන්නා කරුණු ඉදිරිපත් කරන්න කියලා. ඒ වගේම පාස්කු ප්‍රහාරය සිදු වූ වෙලාවේ එවකට සිටි හමුදාපති තුමා පැවසුවා; ‘ පාස්කු ඉරිදා සිද්ධියෙන් පසුව මුස්ලිම් සමාජය දුන් සහයෝගය නිසා තමයි පාස්කු ඉරිදාවට සම්බන්ධ වූ ගොඩක් කට්ටියව අල්ලන්න පුළුවන් වුණේ කියලා. ඒ වගේම කෙටි කාලයක් ඇතුළත මේක පාලනය කරන්න පුළුවන් වුණා කියලා මුස්ලිම් සමාජය කළ සේවාවන්, උදව් පිළිබඳව හමුදාපති තුමාම කියලා තිබුණා.”

ඒ වගේම රිෂාඩ් බදියුදීන් මහතා මෙහිදී තව දුරටත් ප්‍රකාශ කර සිටියේ, ඉදිරියට නැවත වරක් මෙවැනි සිදුවීම් සිදු නොවන ලෙසට අප සියලු දෙනා එක්ව වග බලා ගත යුතු බවයි.

 

 

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *