ජනාධිපති අද සිය 71 වැනි ජන්ම දිනය ආගමික වතාවතට සීමා කරයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදට (20) යෙදී තිබෙන සිය 71 වන ජන්ම දිනය චිරාගත ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් සමරා තිබේ.
අද (20) උදෑසන ඓතිහාසික රුවන්වැලි සෑ චෛත්‍ය රාජයාණන් වැඳ පුදාගත් ජනාධිපතිවරයා සෑ රඳුන් අභියස පහන් දල්වා කිරි ආහාර පූජාව පැවැත්වූ අතර මෙහිදී පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමි ආගමික වතාවත් සිදුකළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
මෙම අවස්ථාව සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ ඥාතීන් පිරිසක් එක්ව සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.


