සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතට ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය
සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකුල නොවන බවක් නොපෙනෙන බවත් සංශෝධන කිහිපයකට යටත්ව එය පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බවත් ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇති බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න අද (21) පාර්ලිමේන්තුව හමුවේ නිවේදනය කළා.
ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය සභාවට ඉදිරිපත් කරමින් ඔහු කියා සිටියේ මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වැඩ බලන නීතිපතිවරයා විසින් කාරක සභා අවස්ථාවේදී එකඟවූ සංශෝධන සහ අධිකරණය විසින් නියම කරන ලද සංශෝධනවලට යටත්ව අදාළ කෙටුම්පත සරල බහුතරයකින් සම්මත කළ හැකි බවයි.
මෙම පනත් කෙටුම්පත පසුගිය ඔක්තෝබර් 20 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.
මෙම කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත්ව තිබූ අතර, එහි තීන්දුව අධිකරණය විසින් කතානායකවරයාට එවා තිබුණා.
