තවත් ශ්‍රී ලාංකිකයන් 261 දෙනෙකු ලබන 18 වැනිදා රැකියා සඳහා ඊශ්‍රායලය බලා පිටත්ව යයි!

0

තවත් ශ්‍රී ලාංකිකයන් 261 දෙනෙකු රැකියා සඳහා ඊශ්‍රායලය බලා පිටත්ව යාමට නියමිතයි
​ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 261 දෙනෙකුගෙන් යුත් තවත් කණ්ඩායමක් ලබන 18 වැනිදා ඊශ්‍රායලය බලා පිටත්ව යාමට නියමිතව තිබේ.
​මෙම පිරිසෙන් 158 දෙනෙකු හෝටල් හා ආපනශාලා (අවන්හල්) ක්ෂේත්‍රයේ රැකියා සඳහාත්, සෙසු 103 දෙනා ගෘහ පාලන, නිෂ්පාදන සහ කෘෂිකාර්මික යන අංශවල රැකියා සඳහාත් යොමු කිරීමට නියමිතය.
​ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ මේ වසර තුළදී පමණක් ශ්‍රී ලාංකිකයන් 2,994 දෙනෙකු රැකියා සඳහා ඊශ්‍රායලය බලා පිටත්ව ගොස් ඇති බවයි. ඒ අනුව, රාජ්‍ය සහ පෞද්ගලික බඳවා ගැනීමේ නියෝජිතායතන හරහා මේ දක්වා ඊශ්‍රායලයේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති සමස්ත ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව 14,349 දෙනෙකි.
​මේ අතර, 2027 වසරේ ජනවාරි මාසයේ සිට ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ඊශ්‍රායලයේ රැකියා සඳහා යොමු කිරීමේ සම්පූර්ණ වගකීම ශ්‍රී ලංකා රජය විසින් භාර ගැනීමට නියමිත බවද එම කාර්යාංශය වැඩිදුරටත් පවසයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *