සිවිල් ගුවන්සේවා අධිකාරියේ විද්‍යුත් තැපැල් සේවාවන් අඩාල වෙයි!

0

​ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ නිල විද්‍යුත් තැපැල් සේවාවන් තාවකාලිකව අඩාල වේ
​Microsoft 365 සේවාව ආශ්‍රිතව හටගෙන ඇති තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් අද (2026 නොවැම්බර් 13) පෙරවරුවේ සිට ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ (CAASL) නිල විද්‍යුත් තැපැල් සේවාවන් සඳහා තාවකාලික බාධාවක් එල්ල වී තිබේ.
​ඒ අනුව, මෙම කාලසීමාව තුළ හදිසි විමසීම් හෝ නිල කටයුතු සඳහා අදාළ අධිකාරියේ නිලධාරීන්ගේ ජංගම දුරකථන අංක හෝ නිල ස්ථාවර දුරකථන අංක ඔස්සේ සම්බන්ධ වන ලෙස ගුවන් සේවා ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන්, රාජ්‍ය ආයතන සහ මහජනතාවගෙන් එම අධිකාරිය කාරුණිකව ඉල්ලා සිටියි.
​කෙසේ වෙතත්, මෙම තාක්ෂණික බාධාව හේතුවෙන් අධිකාරියේ සෙසු මෙහෙයුම් කටයුතු සහ සේවාවන් සඳහා කිසිදු බලපෑමක් සිදු නොවන බවත්, ඒවා සාමාන්‍ය පරිදි අඛණ්ඩව පවත්වාගෙන යන බවත් ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය අවධාරණය කරයි.
​විද්‍යුත් තැපැල් සේවාවන් අඩාල වීමෙන් සිදුවන අපහසුතාව පිළිබඳව සිය කනගාටුව පළ කරන අධිකාරිය, සේවාවන් යථා තත්ත්වයට පත් වූ වහාම ඒ පිළිබඳව දැනුම් දීමට කටයුතු කරන බව වැඩිදුරටත් සඳහන් කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed