රාජ්‍ය ව්‍යවසායන්හි ලාභය 13.8%කින් ඉහළට: 2026 පළමු මාස 6 තුළ රුපියල් බිලියන 259.3ක ඒකාබද්ධ ලාභයක්!
මෙම රුපියල් බිලියන 31.5ක හෙවත් ආසන්න වශයෙන් 13.8%ක වර්ධනයෙන් පෙන්නුම් කරන්නේ, ආයතන කිහිපයක පැවැති අලාභයන් සහ මැදපෙරදිග ගැටුම් හේතුවෙන් ඇති වූ ආර්ථික බලපෑම් හමුවේ වුවද, රාජ්‍ය ආයතනවල පොදු මූල්‍ය කාර්ය සාධනයේ සිදුව ඇති තහවුරු වූ වර්ධනයයි.
මෙම සංඛ්‍යා ලේඛන හෙළිදරව් කර ඇත්තේ ඔක්තෝබර් 31 වැනිදා නිකුත් කරන ලද මුදල් අමාත්‍යාංශයේ 2026 මධ්‍ය වාර්ෂික මුල්‍ය තත්ත්ව වාර්තාව මගිනි.
මෙම ලාභය සඳහා ප්‍රධාන වශයෙන් දායක වී ඇත්තේ රාජ්‍ය බැංකු සහ මූල්‍ය ආයතනයන්ය.
ලංකා බැංකුව (BOC) රුපියල් බිලියන 62.7ක බදු පෙර ලාභයක් වාර්තා කර ඇති අතර, මහජන බැංකුව රුපියල් බිලියන 32.6ක් සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව (NSB) රුපියල් බිලියන 22.6ක ලාභයක් වාර්තා කර ඇත.
සේවක ට්‍රස්ට් අරමුදල් මණ්ඩලය (ETF) රුපියල් බිලියන 36.5ක ලාභයක් වාර්තා කර ඇති අතර, ජාතික රක්ෂණ භාර අරමුදල රුපියල් බිලියන 12.8ක ලාභයක් වාර්තා කළේය.
අනෙකුත් ප්‍රධාන රාජ්‍ය ව්‍යවසායන් අතර ශ්‍රී ලංකා වරාය අධිකාරිය රුපියල් බිලියන 34.5ක ලාභයක් වාර්තා කර ඇති අතර, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) රුපියල් බිලියන 29.2ක ලාභයක් වාර්තා කර තිබේ.
ගුවන්තොටුපළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගම රුපියල් බිලියන 24.9ක් ද, ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය රුපියල් බිලියන 16.2ක් ද වාර්තා කර ඇත.
කෙසේ වෙතත්, රාජ්‍ය ව්‍යවසායන් කිහිපයක්ම දිගින් දිගටම මූල්‍ය අලාභ වාර්තා කර තිබේ.
මුදල් අමාත්‍යාංශයට අනුව, 2025 වසරේ අනුරූප කාලසීමාව තුළ වාර්තා වූ රුපියල් බිලියන 227.8ක ලාභයට සාපේක්ෂව, ශ්‍රී ලංකාවේ ප්‍රධාන රාජ්‍ය ව්‍යවසායන් (SOEs) 2026 වසරේ පළමු මාස හය තුළ රුපියල් බිලියන 259.3ක ඒකාබද්ධ ලාභයක් වාර්තා කර ඇත.
