​දීපචෙල්වන්ගේ තහනම් කළ පොත් නිදහස් කරන්න: මානව හිමිකම් කොමිසමෙන් රේගුවට නියෝග!

0

ශ්‍රී ලංකා රේගුව විසින් දෙමළ ලේඛක දීපචෙල්වන් ප්‍රදීපන්ගේ කෘති කිහිපයක් රඳවා ගනු ලැබීම තුළින් ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බවට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තීන්දු කර තිබේ.

ඒ අනුව, එම කෘති නිදහස් කරන ලෙස එම කොමිෂන් සභාව රේගුවට නියෝග කර ඇත.

මෙම ලේඛකයා විසින් රචිත කෘති 5ක පිටපත් 360ක් ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වූ අතර, එලෙස ගෙන ඒමේදී එම පිටපත් පසුගිය අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකා රේගුව සිය භාරයට ගත්තේ ය.

රඳවා ගත් ග්‍රන්ථ මොනවා ද?
පසුව ශ්‍රී ලංකා කලා මණ්ඩලය, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ රාජ්‍ය සාහිත්‍ය මණ්ඩලය සහ, ආරක්ෂක අමාත්‍යංශයේ නිර්දේශ මත පදනම්ව, මෙම කෘතිවලින් දෙකක් හැර, රඳවා ගෙන ඇති කෘති තොගයේ ඇති අනෙකුත් කෘති නිදහස් කිරීමට ශ්‍රී ලංකා රේගුව පියවර ගත්තේ ය.

එම නිර්දේශ මත පදනම්ව, ‘එලුත්තල් යුද්ධම් සෙයිගරේන්’ සහ ‘ඉප්පොදෙයි ඉන්ගෙයි ඉරෙන්ඩර් දේසන්ගල්’ යන කෘති දෙකේ රේගු ආඥා පනතේ (235 වන පරිච්ඡේදය) B උපලේඛනය සමග කියවිය යුතු දණ්ඩ නීති සංග්‍රහයේ 120 වන වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි ක්‍රියාවන්ට තුඩු දෙන කරුණු අඩංගු බව සොයාගෙන ඇති බැවින් ඒවා නිදහස් කළ නොහැකි යැයි ශ්‍රී ලංකා රේගුව මීට පෙර නිවේදනය කළේ ය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *