සැප්තැම්බර් 19 සිට අධිවේගී මාර්ගවල සියලුම බස් රථ මගීන්ට ආසන පටි (Seat Belts) පැළඳීම අනිවාර්යයි
සැප්තැම්බර් 19 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ගවල ගමන් කරන පොදු ප්‍රවාහන බස් රථ ඇතුළු සියලුම වාහනවල ගමන් ගන්නා මගීන් සඳහා ආසන පටි (Seat belts) පැළඳීම අනිවාර්ය කෙරේ.
අධිවේගී මාර්ගවල ධාවනය වන පොදු මගී බස් රථවල ආසන පටි පැළඳීම සැප්තැම්බර් 19 වැනිදා සිට අනිවාර්ය වන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව (NTC) නිවේදනය කළේය.
ඒ අනුව, ආසන පටි සවිකර නොමැති බස් රථවලට මෙන්ම, ලබාදී ඇති ආසන පටි නොපළඳින රියදුරන්ට සහ මගීන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට බලධාරීන්ට හැකියාව පවතී.
මෙම තීරණයත් සමග පොදු බස් රථවල ගමන් ගන්නා මගීන් ඇතුළු අධිවේගී මාර්ගවල ගමන් කරන සියලුම මගීන් ආසන පටි පැළඳීම අනිවාර්ය වේ.
මෙම නව නීතිය පිළිබඳව මගීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පෑලියගොඩ අධිවේගී මාර්ග පිවිසුම අසලදී පැවැත්වූ අතර, එහිදී ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් බස් රථ මගීන් වෙත තොරතුරු පත්‍රිකා බෙදා හරින ලදී.
ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති පී.කේ. චන්ද්‍රපාල මහතා සඳහන් කළේ, විවිධ හේතුන් මත මීට පෙර මෙම නීතිය ක්‍රියාත්මක කිරීම කල් දැමූ නමුත් සැප්තැම්බර් 19 වැනිදා සිට එය තදින්ම බලාත්මක කරන බවයි.
මෙම නීතිය උල්ලංඝනය කරන්නන්ට එරෙහිව දඩ මුදල් හෝ වෙනත් නීතිමය පියවර ගත හැකි බව පැවසූ ජාතික ගමනාගමන කොමිෂන් සභාව, නීතිය ක්‍රියාත්මක කිරීමට පෙර තවත් දැනුවත් කිරීමේ වැඩසටහන් දියත් කරන බවද වැඩිදුරටත් සඳහන් කළේය.
