කොළඹ කොටුව – මහනුවර දුම්රිය ධාවනය ලබන මාසයේදී නැවත ඇරඹීමට සැලසුම්
කොළඹ කොටුව සහ මහනුවර අතර (පේරාදෙණිය හරහා) දුම්රිය ධාවනය ලබන මාසයේදී නැවත ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඉංජිනේරු ප්‍රියන්ත දිගාල මහතා පවසයි.
රඹුක්කන සහ කඩුගන්නාව අතර දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් අදියරට පැමිණ ඇති බැවින් එම මාර්ගයේ දුම්රිය ධාවනය නැවත ආරම්භ කිරීමට කටයුතු යොදමින් සිටින බව ඔහු පැවසීය.
ප්‍රතිසංස්කරණ කටයුතුවල නිරත දුම්රිය සේවකයන්ගේ කැපවීම නිසා මෙතෙක් ලබා ඇති ප්‍රගතිය ලබා ගැනීමට හැකි වූ බව දිගාල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ඉතිරි වැඩකටයුතු අවසන් වීමත් සමඟ ලබන මාසයේදී කොළඹ සහ මහනුවර අතර දුම්රිය සේවාව නැවත ආරම්භ කිරීමට මග පෑදෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
