ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මුහුණේ හැඩැති මත්පෙති විශේෂයක් ගැන නෙදර්ලන්තයෙන් රතු නිවේදනයක්
ට්‍රම්ප්ගේ මුහුණ සහිත මාරාන්තික මත්පෙත්තක් ගැන රතු නිවේදනයක්
අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මුහුණේ හැඩයට සමාන මත්පෙති විශේෂයක් සම්බන්ධයෙන් නෙදර්ලන්ත සෞඛ්‍ය අංශය අනතුරු අඟවා තිබේ.
එරට මනෝ සෞඛ්‍ය සහ මත්ද්‍රව්‍ය විරෝධී ආයතනයක් විසින් නිකුත් කළ රතු නිවේදනයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම පෙති භාවිතයෙන් ශරීර උෂ්ණත්වය අධික ලෙස ඉහළ ගොස් මරණය පවා සිදුවිය හැකි බවයි.
මෙම පෙතිවල ඉතා ඉහළ මට්ටමකින් PMMA නමැති හානිකර රසායනික ද්‍රව්‍යය අඩංගු බව මේ සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණයකින් අනාවරණවී තිබේ.
එහි එක් පසෙක ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මුහුණේ රූපයද අනෙක් පස Trump සහ NL ලෙසද සටහන් කර තිබේ.
මෙම පෙතිවල බලපෑම ශරීරියට දැනීමට වැඩි වේලාවක් ගත වන බැවින් භාවිත කරන්නන් වැඩි මාත්‍රාවක් ශරීරගත කරගැනීමේ අවදානමක් ඇති බවයි වාර්තා වේ.
ඒවා භාවිත කිරීමෙන් පැය කිහිපයකට පසු වමනය, හෘද ස්පන්දනය වේගවත් වීම සහ වලිප්පුව වැනි ලක්ෂණ මතු විය හැකිය.
