ඌව පළාත් පොලිසියට අවශ්‍ය යටිතල පහසුකම් ත්‍රිත්වයක් විවෘත කරයි
ඌව පළාත් පොලිසියට අවශ්‍ය යටිතල පහසුකම් ත්‍රිත්වයක් විවෘත කරයි
ඌව පළාත් නව SDIG කාර්යාලය ඇතුළු ඉදිකිරීම් ත්‍රිත්වයක් නිල වශයෙන් විවෘත කර තිබෙනවා.
දිවයිනේ සෑම පොලිස් කොට්ඨාසයකම නීතිය හා සාමය එකලෙස ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණය ශක්තිමත්ව හා කාර්යක්ෂමව පවත්වාගැනීම ශ්‍රී ලංකා පොලිසියේ දැක්ම බවයි සඳහන්.
ඒ සඳහා පොලිසියට අවශ්‍ය යටිතල පහසුකම් මහජන ආරක්ෂක අමාත්‍යංශය යටතේ ශ්‍රීඝ්‍රයෙන් සංවර්ධනය කරමින් පවතිනවා.
බණ්ඩාරවෙල ප්‍රදේශයේ ඉදිකළ ඌව පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය මෙන්ම හපුතලේ නව සහකාර පොලිස් අධිකාරී කාර්යාලය, අඹගස්දෝව පොලිස් ස්ථනයේ නව ස්ථානාධිපති නිල නිවාසය මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන්, මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් රවී සෙනෙවිරත්න මහතාගේ සහ පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ (29) දින විවෘත කළා.
ඌව පළාතේ පොලිස් ස්ථානවල යටිතල පහසුකම් රැසක් මීට සමගාමීව කඩිනමින් සංවර්ධනය කරමින් පවතින අතර අංගසම්පූර්ණ අයුරින් නව අඹගස්දෝව පොලිස් ස්ථානයද නුදුරේදීම විවෘත කිරීමට නියමිත බවයි සඳහන් කළේ.
