​2026 වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 95,000 පනී

0
ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 95,035 දක්වා ඉහළට

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 95,035 දක්වා ඉහළට

2026 වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 95,035 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ, අගෝස්තු මාසයේදී රෝගීන් 9,699 දෙනෙකු වාර්තාවී ඇති බවයි.

මේ වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු ආසාදිත මරණ 72ක් වාර්තාවී ඇති බව සඳහන්. මෙම කාලයේදී වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර එම ප්‍රමාණය 50,287ක්.

දකුණු පළාතෙන් රෝගීන් 13,843ක්, මධ්‍යම පළාතෙන් රෝගීන් 8,647ක් සබරගමුව පළාතෙන් රෝගීන් 7,808ක් ලෙස හඳුනාගෙන තිබෙනවා.

එමෙන්ම වැඩිම රෝගීන ප්‍රමාණයක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති අතර එම සංඛ්‍යාව 20,248ක්.

තව ද කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 18,842 දෙනෙකු, මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 6,931 දෙනෙකු, මාතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 6,125 දෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 6,122 දෙනෙකු වාර්තාවී තිබෙනවා.

දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශ 76ක් තවදුරටත් අධි-අවදානම් කලාප ලෙස හඳුනාගෙන තිබෙනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *