වෙනිසියුලාව සහ ඇමෙරිකාව අතර ඓතිහාසික තෙල් ගිවිසුමක්: බොරතෙල් බැරල් බිලියන 65ක පාලන බලය ඇමෙරිකාවට

0
ඇමෙරිකාව සහ වෙනිසියුලාව අතර තෙල් ගිවිසුමක්

ඇමෙරිකාව සහ වෙනිසියුලාව අතර තෙල් ගිවිසුමක්

බොරතෙල් බැරල් බිලියන 65ක් ලබා ගැනීම සඳහා වන ඓතිහාසික ගිවිසුමකට වෙනිසියුලාව හා ඇමෙරිකාව අත්සන් තබා තිබේ.

වෙනිසියුලාව සමග බොරතෙල් බැරල් බිලියන 65ක් ලබා ගැනීම සඳහා ගිවිසුම්ගත වීම සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධිපතිවරයා තම ප්‍රශංසාව පළ කර ඇති බව වාර්තා වේ.

වෙනිසියුලාව සමග ගිවිසුමකට එළඹ ඇති බවත් එරට තෙල් සංචිතවලින් බැරල් බිලියන 65ක පාලන බලය තමන්ට හිමිවන බවත් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කළේය.

මෙම ඓතිහාසික ගණුදෙනුව හරහා ඇමෙරිකාවේ තෙල් සැපයුම බෙහෙවින් ඉහළ යන අතර සියලු ඇමෙරිකානුවන් සඳහා තෙල් මිල සැලකිය යුතු සංඛ්‍යාවකින් අඩු කරන බව ද ට්‍රම්ප් ජනාධිපතිවරයා සඳහන් කළේය.

මේ අතර මෙම ගිවිසුම වෙනිසියුලාවේ ආර්ථිකය පුනර්ජීවනයට උපකාරී වන බවයි එරට අන්තර්කාලීන ජනාධිපති ඩෙල්සි රොඩ්‍රිගස් සඳහන් කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *