ඇමරිකාව, චීනය සහ බ්‍රසීලය ඇතුළු රටවල් 11ක නව රාජ්‍ය තාන්ත්‍රිකයෝ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අක්තපත්‍ර පිරිනමති
නව රාජ්‍යතාන්ත්‍රිකයින් 11 දෙනෙක් ජනපතිට අක්තපත්‍ර භාර දෙති
මෙරට සේවය සඳහා අලුතෙන් පත්ව පැමිණි තානාපතිවරු 07 දෙනෙකු සහ මහකොමසාරිස්වරු 04 දෙනෙකු ඊයේ (25) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය අක්තපත්‍ර භාර දී තිබේ.
බ්‍රසීලය, බංගලාදේශය, චීනය, ඔස්ට්‍රියාව, ඇමරිකා එක්සත් ජනපදය, ඩොමිනිකන් රාජ්‍ය, ඝානාව, බෲනායි ඩාරුසලාම්, සුඩානය, ගයනාව සහ පැනමා යන රාජ්‍ය නියෝජනය කරමින් මෙම පිරිස අක්තපත්‍ර භාර දී ඇති බව සඳහන් කරයි.
තානාපතිවරුන් ලෙස Jorge Geraldo Kadri මහතා (බ්‍රසීල ෆෙඩරල් ජනරජයේ තානාපති), Wei Huaxiang මහතා(චීන මහජන සමූහාණ්ඩුවේ තානාපති), ආචාර්ය Robert Zischg මහතා(ඔස්ට්‍රියා ජනරජයේ තානාපති), Eric S. Meyer මහතා(ඇමෙරිකා එක්සත් ජනපදයේ තානාපති), Francisco Manuel Comprés Hernández මහතා(ඩොමිනිකන් ජනරජයේ තානාපති), ආචාර්ය Mohammed Abdalla Ali Eltom මහතා(සුඩාන් ජනරජයේ තානාපති), Nubiela Yanarith Ayala මෙනවිය(පැනමා ජනරජයේ තානාපති) යන අය මෙම අවස්ථාවට සම්බන්ධ විය.
එසේම මහ කොමසාරිස්වරුන් ලෙස D.M. Salahuddin Mahmud මහතා(බංග්ලාදේශ ජනරජයේ මහකොමසාරිස්), මහාචාර්ය Kwasi Obiri-Danso මහතා(ඝානා ජනරජයේ මහකොමසාරිස්), Siti Arnyfariza Md Jaini මිය(බෲනායි ඩාරුසලාම්හි මහකොමසාරිස්), Dharamkumar Seeraj මහතා(ගයනා සමූපකාර ජනරජයේ මහකොමසාරිස්) යන අයද මෙම අක්තපත්‍ර භාරදීම සඳහා සම්බන්ධ වී තිබුණි.
එසේම ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම අවස්ථාව සඳහා විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමාරනායක මහතාද සහභාගී වී තිබේ.
