22වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි පෙත්සම් ගණන 13 දක්වා ඉහළට
22වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි පෙත්සම් ගණන 13 දක්වා ඉහළට
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉකුත් සිකුරාදා දින (21) තවත් පෙත්සම් දෙකක් ගොනු කර තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතිඥ සංවිධානය සහ දිනන දකුණ සංවිධානය විසින් මෙම පෙත්සම් ගොනු කර ඇති බව සඳහන් වේ.
ඒ අනුව, 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම් සංඛ්‍යාව 13ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර,
එමෙන්ම, පනත් කෙටුම්පත සම්මත කරන්නේ නම් එය ජනමත විචාරණයකින් අනුමත කළ යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසද පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.




