රුපියල් කෝටි 7කට අධික ගංජා තොගයක් සමඟ සැකකරුවෙකු හම්බෙගමුවේදී අත්අඩංගුවට
රු.කෝටි 7ක ගංජා කිලෝ 1,044ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට
මොනරාගල, හම්බෙගමුව, ගොමගල පාර කෙළවර මවුආරඇළ ඉවුර ආසන්නයේ සිදුකළ විශේෂ වැටලීමකදී ප්‍රවාහනයට සූදානම් කර තිබූ ගංජා තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ එහි තිබී ගංජා කිලෝග්‍රෑම් 1044යි ග්‍රෑම් 180ක් සිය භාරයට ගත් බවය.
එම ගංජා තොගයේ වටිනාකම රුපියල් හත්කෝටි තිස්හත් ලක්ෂ අසූ දහසක් පමණ වන බවද සඳහන්.
මේ අතර එම ප්‍රදේශයේම අක්කර එකහමාරක භූමි ප්‍රමාණයක වගාකර තිබූ ගංජා හේනක් වටලා ගංජා ගස් 54,096ක් සමඟ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී ඇත.
වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ අධ්‍යක්ෂ, සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාගේ උපදෙස් හා නියෝග මත එහි ස්ථානාධිපතිවරයාගේ මෙහෙයවීමෙන් මෙම වැටලීම සිදුකර තිබේ.




