සුනිල් ජයරත්න ඉල්ලා අස්වෙයි: සිවිල් ගුවන් සේවා සභාපති ධුරයට රංජිත් රාජසිංහ පත්වෙයි

0
සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව සභාපති ධුරයට විශ්‍රාමික කර්නල් රංජිත් රාජසිංහ

සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව සභාපති ධුරයට විශ්‍රාමික කර්නල් රංජිත් රාජසිංහ

සිවිල් ගුවන් සේවා අධිකාරියේ (CAA) නව සභාපති ලෙස විශ්‍රාමික කර්නල් රංජිත් රාජසිංහ මහතා පත්කර තිබේ.

ඒ, එම අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සුනිල් ජයරත්න මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙනි.

සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා ලෙස පසුගිය මාර්තු මාසයේ සිට සුනිල් ජයරත්න මහතා කටයුතු කළ අතර අධිකාරිය තුල පැවති පරිපාලනමය ගැටලු හේතුවෙන් ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව සඳහන් වෙයි.

පුරප්පාඩු වු සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති ධුරයට වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයා විසින් රංජිත් රාජසිංහ මහතා පත්කර ඇති අතර ඔහු ලබන 25වන දින සිය ධුරයේ වැඩ භාර ගැනීමට නියමිතයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com