පරන්තන්හිදී පොලිසියට අල්ලස් දීමට තැත් කළ ටිපර් රියදුරන් ඇතුළු 6 දෙනෙකු අත්අඩංගුවට

0
පොලිස් නිලධාරීන්ට අල්ලස් දෙන්න උත්සාහ කළ සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට

පොලිස් නිලධාරීන්ට අල්ලස් දෙන්න උත්සාහ කළ සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට

කිළිනොච්චිය ප්‍රදේශයේ දී පොලිස් නිලධාරීන්ට අල්ලස් ලබා දීමට උත්සහ කළ සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

A9 මාර්ගයේ පරන්තන් ප්‍රදේශයේ මාර්ග බාධක රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් පිරිසකටයි මෙසේ අල්ලස් ලබා දීමට උත්සහ දරා ඇත්තේ.

මෙම නිලධාරීන් රථවාහන සෝදිසි කිරීමේ නිරතව සිටි අවස්ථාවේ එම ස්ථානයෙන් වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථවල බලපත්‍ර පොලිස් නිලධාරීන් විසින් අත්සන් කිරීමට කටයුතු කර තිබේ

එසේ නොකර සිටිම සදහා පොලිස් නිලධාරීන්ට අල්ලස් ලබා දීමට ටිපර් රථ රියදුරන් 5 දෙනෙකු උත්සහ දරා ඇති බව පොලිසිය සඳහන් කරයි.

එමෙන්ම බලපත්‍ර නොමැතිව වැලි ප්‍රවාහනය කළ ටිපර් රථය සම්බන්ධයෙන් නීතිමය පියවර නොගන්නා ලෙසට බලකරමින් තවත් අයෙකු පොලිසියට අල්ලස් ලබාදීමට ද උත්සාහදරා තිබේ.

මෙම සැකකරුවන් මුලතිව්, පලෙයි, ධර්මපුරම්, විශ්වමඩු, කිලිනොච්චි හා පරන්තන් යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

සැකකරුවන් කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ 3 බැගින් වූ ශරීර ඇප මත මුදාහැර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *