විශේෂ වෛද්‍ය පරීක්ෂණයෙන් පසු ඉම්රාන් ඛාන් යළි බන්ධනාගාරයට: සෞඛ්‍ය තත්ත්වය යහපත් බව වෛද්‍යවරුන් තහවුරු කරයි
වෛද්‍ය පරීක්ෂාවෙන් පසු ඉම්රාන් ඛාන් යළි බන්ධනාගාරයට
පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීමෙන් අනතුරුව යළි බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබෙන බවට එරට විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කර තිබේ.
එහිදී ඉස්ලාමාබාද්හි රෝහලකදී සිදුකළ වෛද්‍ය පරීක්ෂණයෙන් අනතුරුව ඔහු “වෛද්‍යමය වශයෙන් යෝග්‍ය” තත්ත්වයේ පසුවන බව වෛද්‍යවරුන් තහවුරු කර ඇති බව පාකිස්තාන තොරතුරු අමාත්‍ය අතාවුල්ලා සඳහන් කළේය.
අක්ෂි වෛද්‍යවරයෙකු, හෘද රෝග විශේෂඥයෙකු67 ලත් වෛද්‍ය කණ්ඩායමක් විසින් ඉම්රාන් ඛාන් පරීක්ෂා කර තිබෙන බවට සදහන් වේ.
ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ පැමිණිලි සලකා බලමින්, පැය 48ක් ඇතුළත වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ඔහුව රෝහලකට රැගෙන යන ලෙස පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙර නියෝග කර තිබුණි.
එම නියෝගය යටතේ ඔහුට පවුලේ සාමාජිකයන් හමුවීමට අවසර ලබාදිය යුතු බවටද අධිකරණය නියෝග කර තිබූ අතර, ඔහුගේ සහෝදරිය වන අස්මා ඛාන් ද බන්ධනාගාරයේදී ඔහුව හමුවී තිබේ.
මේ අතර, ඉම්රාන් ඛාන්ගේ දේශපාලන පක්ෂය වන ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (PTI) ඔහුට එරෙහි නීතිමය ක්‍රියාමාර්ග දේශපාලනික අරමුණු මත සිදුවන බවට දිගින් දිගටම චෝදනා කරයි.
ඉම්රාන් ඛාන් 2023 වසරේ සිට බන්ධනාගාරගතව සිටින අතර, ඔහුට එරෙහි නඩු සම්බන්ධයෙන් ඔහු සහ ඔහුගේ පක්ෂය දේශපාලනික අරමුණක් ඇති බවට චෝදනා එල්ල කර තිබේ.
වෛද්‍ය පරීක්ෂණයෙන් අනතුරුව ඉම්රාන් ඛාන් යළි බන්ධනාගාරය වෙත රැගෙන යාමට පාකිස්තාන ආරක්ෂක අංශ කටයුතු කර ඇති බව වාර්තා වේ.
