වියළි කාලගුණයෙන් දිස්ත්‍රික්ක 7ක 80,000කට වැඩි පිරිසක් පීඩාවට: වැඩිම බලපෑම මොණරාගලට
වියළි කාලගුණයෙන් දිස්ත්‍රික්ක 7කට අයත් පවුල් 25,628ක පුද්ගලයින් 81,765ක් පීඩාවට
වියළි කාලගුණයෙන් දිස්ත්‍රික්ක 7කට අයත් පවුල් 25,628ක පුද්ගලයින් 81,765ක් මේ වන විට පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේය.
වැඩිම බලපෑමක් එල්ල වි ඇත්තේ මොණරාගල දිස්ත්‍රික්කයටයි
එම දිස්ත්‍රික්කයේ පවුල් 10,264කට අයත් පුද්ගලයින් 33,023 කට බලපෑම් එල්ල වී තිබේ.
බලපෑම් එල්ල වූ සෙසු දිස්ත්‍රික්ක අතර අම්පාර, බදුල්ල, මඩකලපුව, පොලොන්නරුව, රත්නපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්ක ඇතුළත් වේ.
මේ අතර එම දිස්ත්‍රික්ක 7 තුළ ප්‍රදේශිය ලේකම් කොට්ඨාස 20ක පානීය ජලය බෙදා දීමේ වැඩසටහන්ද මේ වන විට ආරම්භ කර තිබේ.
ඒ අනුව පවුල් 23,048කට අයත් පුද්ගලයින් 72,053 කට මේ වන විට පානීය ජලය බෙදා දීමට කටයුතු කර ඇතැයි ආපදා කළමනාකරන මධස්ථානය ප්‍රකාශ කළේය.
මේ අතර දිවයිනේ දිස්ත්‍රික්ක 10කට අද (21) දිනයේත් උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදන නිකුත් කර තිබේ.
නැගෙනහිර, උතුරුමැද පළාත් සහ යාපනය, කිලිනොච්චි, වවුනියා, මුලතිව් සහ මොණරාගල දිස්ත්‍රික්ක එලෙස උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදන නිකුත් කළ දිස්‍ත්‍රික්ක තුළට අයත් වේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල දිවා කාලයේ දී උණුසුම් දර්ශකය එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බවයි.
අධික වෙහෙසකාරි කටයුතු සිමාකරන ලෙසත්, සෙවණ ඇති ස්ථාන රැදෙන ලෙසත්, ප්‍රමානවත්ව ජලය පානය කරන ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.




