ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 400ක ණයක්

0
ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 400ක ණයක්

ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 400ක ණයක්

ආසියානු සංවර්ධන බැංකුව ඇ.ඩො.මිලියන 400ක ණය මුදලක් මෙරටට ලබාදී ඇති අතර ඒ සඳහා වන අවබෝධතා ගිවිසුම්වලට පසුගියදා අත්සන් තබා තිබේ.

ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක මූල්‍ය සහාය, ප්‍රතිපත්ති පාදක ණය මුදලක් ලෙසයි ලබාදී ඇත්තේ.

ඒ වෙළෙඳ, ආයෝජන සහ කර්මාන්ත සංවර්ධන වැඩසටහනේ පළමු උප වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහායි.

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සහ ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නේවාසික අධ්‍යක්ෂිකා ෂැනන් කව්ලින් මහත්මිය මහා භාණ්ඩාගාරයේදී එම ගිවිසුමට අත්සන් තබා තිබේ.

මෙම මූල්‍ය පහසුකම ප්‍රතිපත්ති පාදක ණයක් ලෙස ලබා ගැනීම සඳහා රජය සහ ආසියානු සංවර්ධන බැංකුව අතර සාකච්ඡා පැවතිය.

2025 ජාතික ප්‍රතිපත්ති රාමුවට අනුකූලව ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ තිරසාර ආර්ථිකයක් ගොඩනැගීමයි.

වෙළෙඳාම සහ ආයෝජන රජයේ ප්‍රධාන ප්‍රමුඛතා අතරට ඇතුළත් වන අතර, 2026 සිට 2028 දක්වා කාලය සඳහා වන ප්‍රධාන රාජ්‍ය ආයෝජන ව්‍යාපෘති තුළද එම ප්‍රමුඛතා පිළිබිඹු වන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙරට ප්‍රධාන සංවර්ධන අභියෝග සඳහා වැඩසටහන්මය ප්‍රවේශයක් ඔස්සේ විසඳුම් ලබාදීමේ අරමුණින් වෙළෙඳ, ආයෝජන හා කර්මාන්ත සංවර්ධන වැඩසටහන සැලසුම් කර තිබේ.

එම වැඩසටහන ප්‍රධාන උප වැඩසටහන් දෙකකින් සමන්විත වන බවද මුදල් අමාත්‍යාංශය පවසයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com