නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල මුදල් අක්‍රමිකතා සෙවීමට ජනාධිපති අධීක්ෂණයෙන් විශේෂ විගණන කමිටුවක්
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල මුදල් අක්‍රමිකතා සොයා බැලීමට ජනපති කමිටුවක්
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සිදුවී ඇති මුදල් අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක් පත්කර ඇත.
ජනාධිපතිවරයාගේ අධීක්ෂණය යටතේ විගණන කමිටුවක් පත් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව නුවරඑළිය දිස්‍ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි සඳහන් කරයි.
පසුගිය 2023 වසරේ සිට 2026 වසර දක්වා නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 10ක මෙම විගණනය සිදු කිරීමට නියමිතය.
නෝර්වුඩ් සහ තලවකැලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සිදු වී ඇති අස්වැසුම ප්‍රතිලාභීන්ගේ මුදල් වංචාව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරනු ඇත.
දිට්වා සුළිකුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට ආපදා මුදල් ලබාදීම, කොරෝනා ව්‍යසන සමයේ අඩු ආදායම්ලාභීන්ට සමෘද්ධිය හරහා ලබාදුන් රුපියල් 5,000ක දීමනාව සම්බන්ධයෙන්ද අවධානය යොමුකර ඇත.
තවද සමෘද්ධිලාභීන්ට රජය මගින් ලබාදෙන සහනාධාර සහ වැඩිහිටිදීමනා නිසි ලෙස ප්‍රතිලාභීන්ට ගෙවීම සම්බන්ධයෙන් විගණනය සිදු කිරීමට නියමිතය.




