22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් නිවේදනයක්

0
ශ්‍රී ලංකා නීතිඥ සංගමය කරුණු 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් නිවේදනයක්

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් නිවේදනයක්

පසුගියදා රජය විසින් ගැසට් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මතුව ඇති බරපතළ තත්ත්වය පිළිබඳ ශ්‍රී ලංකා නීතිඥ සංගමය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

යෝජිත සංශෝධනය මඟින් නඩු විභාග කඩිනම් කර අධිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාව වැඩි කිරීම අරමුණු කරන බව රජය ප්‍රකාශ කර ඇතත්, විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සහ එම ප්‍රකාශිත අරමුණු අතර ඇති සම්බන්ධතාවය පැහැදිලි නොවන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය අදාළ නිවේදනය මඟින් පෙන්වා දී ඇත.

අදාළ නිවේදනය මඟින් වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ, මෙම සංශෝධනය ඉදිරියට ගෙන නොයා යුතු බවට ඉදිරිපත් කර ඇති සියලු විරෝධතා සහ කරුණු නොතකා රජය තවදුරටත් එය ඉදිරියට ගෙන යාමට නීරණය කරන්නේ නම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන සහ සුවිශේෂී සංවේදී කරුණු සැලකිල්ලට ගනිමින්, එම පනත් කෙටුම්පත ජනමත විචාරණයකදී ජනනාව විසින් තීරණය කරනු පිණිස කැබිනට් මණ්ඩලය විසින් සෘජුවම ජනතාව වෙත ඉදිරිපත් කළ යුතු බවය.

එමඟින් මෙම කරුණ සම්බන්ධයෙන් තීරණයක් ලබා දීමට ශ්‍රේෂ්ඨාධිකරණයට සිදුවන තත්ත්වයෙන් එය ආරක්ෂා කර ගත හැකි බවද එම සංගමය පෙන්වා දෙයි.

මෙම සංශෝධනය පනවා ගැනීම සඳහා ජනමත විචාරණයක් අත්‍යවශ්‍ය වන බව ද පැහැදිලි කර ඇති අදාළ නිවේදනය, අධිකරණයේ ස්වාධීනත්වය සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් ලබා දී ඇති විශේෂ ආරක්ෂාව හේතුවෙන්, උසස් අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස වෙනස් කිරීමක් සඳහා ජනතාවගේ පරමාධිපත්‍යය සහ ජනතාව සතු අධිකරණ බලයේ අවසාන භාරකරුවන් වන ජනතාව විසින්ම සෘජුවම අනුමැනිය ලබා දිය යුතු බවද අවධාරණය කරයි.

තවද, වෙනත් රටවල මෙවැනි ස්වභාවයේ සංශෝධන සිදු කිරීමට පෙර විනිවිදභාවයෙන් යුත්, සියලු පාර්ශ්ව ඇතුළත් කරගන් සහ දීර්ඝ උපදේශන ක්‍රියාවලීන් සිදුකර තිබුණද, ශ්‍රී ලංකාවේදී ප්‍රධාන පාර්ශ්වකරුවන් සමඟ කිසිදු උපදේශනයක් සිදු කර නොමැති වීම පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමය දැඩි කනස්සල්ල පළ කර තිබේ.

අර්ථවත් උපදේශන ක්‍රියාවලියක් නොමැති වීමන්, මෙම යෝජනාව අසාමාන්‍ය ලෙස කඩිනමින් ඉදිරියට ගෙන යාමන් මහජන විශ්වාසය බරපතළ ලෙස හීන කරන අතර, අනාගත රජයන් විසින් අධිකරණයේ ක්‍රියාකාරීත්වය සහ ස්වාධීනත්වය තම අභිමනය පරිදි හැසිරවීමට උත්සාහ කළ හැකි භයානක පූර්වාදර්ශයක් ද ස්ථාපිත කරන බවද අදාළ නිවේදනය මඟින් වැඩිදුරටත් පෙන්වා දී ඇත.

සම්පූර්ණ නිවේදනය පහතින්:

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com