2027 අයවැයෙන් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් නැවතත් ඉහළට, කැබිනට් ප්‍රකාශකගෙන් නිල ප්‍රකාශයක්

0
රජයේ සේවකයින්ගේ වැටුප් නැවත වරක් වැඩි කිරීමට පියවර

රජයේ සේවකයින්ගේ වැටුප් නැවත වරක් වැඩි කිරීමට පියවර

2027 වසරේ අයවැය හරහා රජයේ සේවකයින්ගේ වැටුප් නැවත වරක් වැඩි කිරීමට පියවර ගන්නා බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කරයි. සතිපතා පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ 2025 සහ 2026 වසරවලදී ද රජයේ සේවකයින් සඳහා මූලික වැටුප් වැඩිවීමක් ලබා දීමට කටයුතු කළ බවයි. ඒ අනුව 2025 අප්‍රේල් මාසයේදී සිදුකළ වැටුප් සංශෝධනයෙන් පසුව 2026 වසරේදී ද වැටුප් ඉහළ නැංවූ අතර, රටේ පැවැති ආර්ථික තත්ත්වය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලැබෙන රජයේ ආදායමෙන් සැලකිය යුතු කොටසක් රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් හා දීමනා වෙනුවෙන් වෙන් කිරීමට රජය පියවර ගෙන තිබේ.

ඉතා අභියෝගාත්මක ආර්ථික වටපිටාවක රට භාර ගත්ත ද වර්තමානය වන විට ආර්ථිකය ක්‍රමයෙන් ප්‍රකෘතිමත් වෙමින් පවතින බවත්, ඒ අනුව 2027 වසරේදී ද රජයේ සේවකයින්ගේ මූලික වැටුප් හා දීමනා ඉහළ දැමීමට අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com