මාර්ග ආරක්ෂාව වෙනුවෙන් ජංගම මත්ද්‍රව්‍ය පරීක්ෂණ වැඩසටහනට තවත් සායනික බස් රථයක් එක්වෙයි

0
අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂා කිරීමේ වැඩසටහනට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් තවත් සායනික බස් රථයක්

අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂා කිරීමේ වැඩසටහනට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් තවත් සායනික බස් රථයක්

විධිමත් පොදු ප්‍රවාහනයක් වෙනුවෙන් ක්‍රියාත්මක අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂා කිරීමේ වැඩසටහන වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශය තවත් සායනික බස් රථයක් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය වෙත ලබා දි තිබේ.

ඒ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්.

මෙම සායනික බස් රථය නිල වශයෙන් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති මහාචාර්ය ක්ලිෆර්ඩ් පෙරේරා මහතා වෙත භාර දෙන ලදි.

ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය ආරම්භ කර ඇති මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික වැඩසටහනට අනුවයි ජංගම මත්ද්‍රව්‍ය පරීක්ෂණ වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

පොදු ප්‍රවාහනයේ යෙදෙන රියදුරන් / කොන්දොස්තරවරුන් සහ රිය සහායකයින් රිය ධාවනයේ දී මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්දැයි පරීක්ෂා කෙරෙන මෙම ජංගම පරීක්ෂණ පළාත් 5ක් ආවරණය වන පරිදි සිදු කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *