2026 මුල් මාස හයේ රජයේ ආදායම 27.1%කින් ඉහළට: බිලියන 405ක හිඟය බිලියන 9.5ක අතිරික්තයක් බවට පත්වෙයි

0
මුල් මාස 6 තුළ රජයේ ආදායම 27.1%කින් ඉහළට; අයවැය ශේෂයේ රු. බිලියන 9.5ක අතිරික්තයකුත්

මුල් මාස 6 තුළ රජයේ ආදායම 27.1%කින් ඉහළට; අයවැය ශේෂයේ රු. බිලියන 9.5ක අතිරික්තයකුත්

2026 වසරේ ජූනි මාසයෙන් අවසන් වූ මුල් මාස හයක කාල පරිච්ඡේදය තුළ රජයේ ආදායම සහ ප්‍රදාන සියයට 27.1කින් ඉහළට ගොස් රුපියල් බිලියන 2,956.0ක් දක්වා වර්ධනය වී තිබේ.

2025 වසරේ අනුරූප කාලපරිච්ඡේදය තුළ එම අගය සටහන් වූයේ රුපියල් බිලියන 2,325.1ක් ලෙසයි.

එමෙන්ම, 2026 ජූනි මාසයෙන් අවසන් වූ මාස හය තුළ මුළු රාජ්‍ය වියදම් සහ ශුද්ධ ණය දීම් සියයට 7.9කින් ඉහළ ගොස් රුපියල් බිලියන 2,946.5ක් ලෙස වාර්තා වේ.

2025 වසරේ අනුරූප කාල සීමාවේදී මුළු වියදම රුපියල් බිලියන 2,730.7ක් ලෙසයි සටහන්ව තිබුනේ.

2025 වසරේ මුල් මාස හයේදී රුපියල් බිලියන 405.6ක හිඟයක් වාර්තා වූ අතර, 2026 ජූනි මාසයෙන් අවසන් වූ මුල් මාස හය තුළ එය රුපියල් බිලියන 9.5ක අතිරික්තයක් බවට පත්ව තිබේ.

2025 අනුරූප කාලපරිච්ඡේදයේ පැවති රුපියල් බිලියන 525.6ක ශුද්ධ දේශීය මූල්‍යකරණයට සාපේක්ෂව, 2026 මුල් මාස හය තුළ රුපියල් බිලියන 42.1ක ශුද්ධ ආපසු ගෙවීමක් වාර්තා කර ඇති බව මහා බැංකු වාර්තාවල සඳහන් වේ.

2025 අනුරූප කාල පරිච්ඡේදයේ වාර්තා වූ රුපියල් බිලියන 120.0ක ශුද්ධ ආපසු ගෙවීමට සාපේක්ෂව, 2026 මුල් මාස හය තුළ ශුද්ධ විදේශ මූල්‍යකරණය රුපියල් බිලියන 32.6ක්.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com