2027 ජනවාරි 01 සිට පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත ක්‍රියාත්මකයි, රාජ්‍ය ආයතනවලට ප්‍රායෝගික මගපෙන්වීම්

0
දත්ත ආරක්ෂණ අධිකාරියෙන් රාජ්‍ය අංශය සඳහා නව චක්‍ර ලේඛයක්

පෞද්ගලික දත්ත ආරක්ෂණ පදත්ත ආරක්ෂණ අධිකාරියෙන් රාජ්‍ය අංශය සඳහා නව චක්‍ර ලේඛයක්

දත්ත ආරක්ෂණ අධිකාරිය විසින් 2025 අංක 25 දරණ පනතින් සංශෝධිත පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත ක්‍රියාත්මක කිරීම සදහා සූදානම් වීම සම්බන්ධයෙන් මගපෙන්වීම් සැපයෙන පෞද්ගලික දත්ත ආරක්ෂණ චක්‍රෙල්ඛය නිකුත් කර තිබේ.

එමගින් පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත ක්‍රියාත්මක කිරීම සදහා සූදානම් වීම සම්බන්ධයෙන් අමාත්‍යාංශ, රාජ්‍ය දෙපාර්තමේන්තු, පළාත් සභා, පළාත් පාලන ආයතන, රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත ආයතන, රජයේ හිමිකාරීත්වය සහිත ව්‍යවසාය සහ අනෙකුත් රාජ්‍ය අධිකාරීන් වෙත මගපෙන්වීම් සැපයෙන බව දත්ත ආරක්ෂණ අධිකාරිය නිවේදනය කර ඇත.

පෞද්ගලික දත්ත ආරක්ෂණ පනතට අනුකූල වීම සදහා සූදානම් වීමට ඉදිරි කාලය තුළ රාජ්‍ය අංශයේ ආයතන ගත යුතු පියවර පිළිබද ප්‍රායෝගික මගපෙන්වීම මෙම චක්‍රලේඛයෙන් සපයා ඇති බව සදහන් වේ.

අදාළ විධිවිධාන මගින්, පෞද්ගලික දත්ත රැස් කරන, භාවිත කරන ගබඩා කරන හෝ සකසන රාජ්‍ය ආයතන අනුගමනය කළ යුතු මූලික නෛතික මූලධර්ම ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් මෙමගින් අවධානය යොමුකර තිබේ.

මීට අමතරව සියලු රාජ්‍ය ආයතන පෞද්ගලික දත්ත ආරක්ෂණ පනතට අනුකූල වීම සදහා සහාය වන ප්‍රායෝගික ප්‍රවේශයක් ද මෙහි අන්තර්ගත වන බව දත්ත ආරක්ෂණ අධිකාරිය පැවසීය.

පනතේ අදාළ විධිවිධාන 2027 වසරේ ජනවාරි 1 වන දින ක්‍රියාත්මක වීමට පෙර රාජ්‍ය අංශයේ සියලුම ආයතන ප්‍රමාණවත් ලෙස සූදානම් වීම සදහා ප්‍රමාදයකින් තොරව ක්‍රියාත්මක කිරීමේ කටයුතු ආරම්භ කරන ලෙස දත්ත ආරක්ෂණ අධිකාරිය විසින් සියලුම රාජ්‍ය ආයතන වෙත දන්වා ඇත.

DPA Circular-Media Release S

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com