​‘TM App’ පිරමීඩ ජාලයක් බවට ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නිල නිවේදනයක්

0
නීතිවිරෝධී පීරමීඩ ආයතනයක් ගැන මහ බැංකුවෙන් දැනුම්දීමක්

නීතිවිරෝධී පීරමීඩ ආයතනයක් ගැන මහ බැංකුවෙන් දැනුම්දීමක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් “TM App” නම් ආයතනය පිරමීඩ ආකාරයේ තහනම් මූල්‍ය යෝජනා ක්‍රමයක නියැලී සිටින, එය පවත්වාගෙන යන සහ ප්‍රවර්ධනය කරන ආයතනයක් ලෙස නිල වශයෙන් හඳුනාගෙන නිර්ණය කර තිබේ.

මෙම තත්ත්වය හමුවේ, මහජනතාව එවැනි නීතිවිරෝධී යෝජනා ක්‍රමවලට හසු වී මුදල් ආයෝජනය කිරීමෙන් වැළකී සිටින ලෙස මහ බැංකුව දැඩිව අවධාරණය කරයි.

ශ්‍රී ලංකාව තුළ පිරමීඩ ආකාරයේ තහනම් යෝජනා ක්‍රම පවත්වාගෙන යාම මෙන්ම ඒවාට දායක වීම නීතිය අනුව දඬුවම් ලැබිය හැකි බරපතළ වරදකි.

ඒ අනුව, සෘජුව හෝ වක්‍රව එවැනි තහනම් යෝජනා ක්‍රමයක් ආරම්භ කරන, ප්‍රදානය කරන, ප්‍රවර්ධනය කරන, ප්‍රචාරය කරන, පවත්වාගෙන යන, මුදල් සපයන, කළමනාකරණය කරන හෝ මෙහෙයවන ඕනෑම පුද්ගලයකු 1988 අංක 30 දරන (සංශෝධිත) බැංකු පනතේ 83 (ඇ) වගන්තිය යටතේ දඬුවම් ලැබීමට යටත් වන වැරදිකරුවකු බවට පත්වේ.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මීට පෙර හඳුනාගෙන ඇති මෙවැනි තහනම් පිරමීඩ යෝජනා ක්‍රම පවත්වාගෙන යන සමාගම්, වෙබ් අඩවි සහ ජංගම දුරකථන යෙදවුම් (Apps) වල සම්පූර්ණ ලැයිස්තුවක් මහ බැංකුවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් මහජනතාවට පහසුවෙන් ලබාගත හැක.

එබැවින්, නීතිවිරෝධී මූල්‍ය උගුල්වලට හසු නොවී, මෙවැනි යෝජනා ක්‍රම පිළිබඳව දැඩි විමසිලිමත් වන ලෙස මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com