මහර බන්ධනාගාරයේ රැඳවියන් 104 දෙනෙකු වෙනත් බන්ධනාගාර 7ක් වෙත මාරුකරයි
මහර බන්ධනාගාරයේ රැඳවියන් 104 දෙනෙකු වෙනත් බන්ධනාගාර 7ක් වෙත මාරුකර යවයි
මහර බන්ධනාගාරයේ සිටි රැඳවියන් 104 දෙනෙකු වෙනත් බන්ධනාගාර 7ක් වෙත මාරු කර යැවීමට පියවර ගෙන ඇති බව බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම්) හා මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක මහතා පවසයි.
ඒ අනුව එම රැඳවියන් දුම්බර, වැලිකඩ, බූස්ස, කළුතර, බදුල්ල, මඩකලපුව සහ පොළොන්නරුව යන බන්ධනාගාර වෙත මෙලෙස මාරු කර යවා තිබේ.
මාරු කරන ලද රැඳවියන්ගේ නාම ලේඛනය මහර බන්ධනාගාරයේ ප්‍රධාන මාර්ග බාධකය අසල ප්‍රදර්ශනය කර ඇති බවද නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කලේය
මේ අතර, සිදුවූ අලුත්වැඩියා කටයුතු හේතුවෙන් මහර බන්ධනාගාරයේ රැඳවියන් සඳහා අමුත්තන් පෙන්වීමේ කටයුතු සඳුදා සහ අඟහරුවාදා දින දෙකෙන් පසුව (බදාදා සිට) නැවත ආරම්භ කිරීමට නියමිතයි.
පසුගිය 01 වැනිදා පස්වරුවේ මහර බන්ධනාගාරය තුළ රැඳවියන් පිරිසක් ඇති කළ නොසන්සුන්කාරී තත්ත්වය බන්ධනාගාර නිලධාරීන්, පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) සහ ත්‍රිවිධ හමුදාවේ එක්වීමෙන් මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව තහවුරු කරයි





