විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ පනත් කෙටුම්පතට නීතිපතිවරයාගේ අනුමැතිය

0
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ පනත් කෙටුම්පතට නීතිපතිවරයාගේ අනුමැතිය

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ පනත් කෙටුම්පතට නීතිපතිවරයාගේ අනුමැතිය

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සදහා වන පනත් කෙටුම්පතට නීතිපතිවරයාගේ අනුමැතිය හිමිව තිබේ.

අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන නීත්‍යානූකූල විවරණය අධිකරණ අමාත්‍යංශය වෙත ලබා දී ඇති බවයි නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව අධිකරණ අමාත්‍යංශය විසින් අදාළ පනත් කෙටුම්පත සකස් කර ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වසර 02කින් දීර්ඝ කිරීම සඳහා වු යෝජනාවක් පසුගියදා අධිකරණ අමාත්‍යංශය විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ අතර එය කැබිනට් මණ්ඩලයේදී අනුමත කරනු ලැබීය.

රජය සඳහන් කළේ මේ වන විට දිවයින පුරා අධිකරණවල නඩු ලක්ෂ 11කට අධික සංඛ්‍යාවක් ගොඩගැසී ඇති බැවින් එම නඩු කඩිනමින් විභාග කර අවසන් කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com