Lanka Metro Transit සමාගමෙන් රියදුරන් බඳවා ගැනීමට අයදුම්පත් කැඳවයි, මාසික වැටුප 1,15,000 පනී

0
Lanka Metro Transit වෙතින් 115,000කට වැඩි වැටුපක් සමග බස් රථ රියදුරු තනතුරු සඳහා රැකියා අවස්ථා

Lanka Metro Transit වෙතින් 115,000කට වැඩි වැටුපක් සමග බස් රථ රියදුරු තනතුරු සඳහා රැකියා අවස්ථා

රජයට අනුබද්ධිත නවතම මෙට්‍රෝ බස් රථ සමාගම වන ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් (පුද්ගලික) සමාගම (Lanka Metro Transit – Pvt Ltd) සඳහා බස් රථ ක්‍රියාකරුවන් (රියදුරු) බඳවා ගැනීමට මේ දිනවල අයදුම්පත් කැඳවනු ලබයි.

අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය සමත් මෙන්ම බර වාහන රියදුරු බලපත්‍රයක් සහිත සුදුසුකම් ලත් අපේක්ෂකයින්ට මේ සඳහා ඉදිරිපත් විය හැකියි.

තෝරාගනු ලබන අයදුම්කරුවන් සඳහා රුපියල් 115,000කට වැඩි ඉහළ මාසික වැටුපක් පිරිනැමීමට ආයතනය කටයුතු යොදා තිබේ.

මේ සඳහා සුදුසුකම් සපිරූ උනන්දුවක් දක්වන අයදුම්කරුවන් 2026 අගෝස්තු මස 31 වන දිනට පෙර තම අයදුම්පත් [email protected] යන විද්‍යුත් තැපැල් ලිපිනයට හෝ 070 188 6886 යන WhatsApp අංකය ඔස්සේ යොමු කළ යුතු වේ.

එමෙන්ම “මානව සම්පත් කළමනාකරු, ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් පුද්ගලික සමාගම, පර්යන්තය, 7 වන මහල, සෙත්සිරිපාය දෙවන අදියරය, බත්තරමුල්ල” යන ලිපිනය ද අයදුම්පත් යොමු කිරීමේ හැකියාව පවතියි

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com